ලබන 8 වැනිදා පවත්වන පාර්ලිමේන්තු නව සැසිවාරය විවෘත කිරීමේ අවස්ථාවට සිය කණ්ඩායම සහභාගී නොවන බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
අද දින පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයාගේ රාජාසන කතාව සංදර්ශනයක් බවත්, ජනතාවට දැන් අවශ්‍ය වන්නේ සංදර්ශන නොව විසදුම් බවත්ය.









