පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිදු කෙරුණු PCR පරීක්ෂණ යටතේ 943 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බවත්, එහිදී පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයට සහ අනෙකුත් කාර්යාංශවලට අයත් 5 දෙනෙකු, ආරක්ෂක අංශයට අයත් එක් අයෙකු, පාර්ලිමේන්තුවෙන් පිටත ආරක්ෂක කලාපයේ ආරක්ෂක කටයුතු සඳහා අනුයුක්ත 3 දෙනෙකු ද වශයෙන් 9 දෙනෙකු ආසාදිත බවට තහවුරු වී බවත් පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.
ඉකුත් 13 වැනිදා සහ 15 වැනිදා මෙම PCR පරීක්ෂණ සිදු කිරීමට පියවර ගෙන තිබුණි.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 32ක් සහ අනෙකුත් කාර්යාංශ, අනුබද්ධිත කාර්යාංශ, ආරක්ෂක අංශවලට අයත් 911 දෙනෙකුට PCR පරීක්ෂණ සිදුකර තිබේ.
ඒ අතරින් මන්ත්‍රීවරුන් කිසිවෙකු ආසාදිත නොවන බවට තහවුරු වී තිබේ.










