• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාස 3න් ඔප්පු දෙන්න ගෝඨාගෙන් උපදෙස්

September 3, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
මාස 3න් ඔප්පු දෙන්න ගෝඨාගෙන් උපදෙස්
Share on WhatsAppShare on Facebook

ජනතාව භුක්ති විදිමින් සිටින ගැටලු නොමැති ඉඩම් සදහා මාස 3 ක් ඇතුළත නිරවුල් ඔප්පු ලබාදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ වර්තමාන ආර්ථික රටාවට ගැලපෙන ලෙස ඉඩම් ප‍්‍රතිපත්තියද වෙනස් විය යුතු බවයි.

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ෆේස්බුක් පිටුවේ මෙසේ සදහන්ය.

‘ඉඩම් ඔප්පු නොතිබීම දිවයින පුරා චාරිකා කළ අවස්ථාවේදී දිස්ත්‍රික්ක රැසක ජනතාවගෙන් මා වෙත ඉදිරිපත් වූ ප්‍රධානතම ගැටළුවක්ය.
පරම්පරා ගණනක් පදිංචිව සිටිය ද, වගා කටයුතු කළ ද ඔප්පු නොමැති වීමෙන් ඔවුන් දැඩි පීඩාවට ලක්ව ඇත. ප්‍රශ්නය විසඳීමට රටට සහ ආර්ථික ප්‍රතිපත්තියට ගැලපෙන ආකාරයට ඉඩම් ප්‍රතිපත්තිය සංශෝධනය විය යුතු බව මම එහිදී අවධාරණය කළෙමි.
ඉඩම් ඔප්පු නොතිබීමෙන් ජනතාව දැඩි අපහසුතාවටත්, සංවර්ධනය දැවැන්ත පසුබෑමකටත් ලක්ව තිබේ. කෘෂි ආර්ථික රටාවක් ගොඩනැගීමේදී ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිය ඉතා වැදගත් වේ.
බදු දී ඇති ඉඩම් සංවර්ධනය කිරීමෙන් පසු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හෝ ඉඩම් අයත් ආයතන හෝ ඒවා වෙනත් පාර්ශ්වයන්ට පැවරීමද වගාකරුවන් මුහුණ දී ඇති තවත් ගැටළුවකි. එවැනි තත්ත්වයන් ඇතිවීමට ඉඩ නොතබන්නැයි මම නිලධාරීන්ට උපදෙස් දුන්නෙමි.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වගාවට නොගත් ඉඩම් සුදුසු වගාවන් සඳහා භාවිතා කිරීමේ වැදගත්කම මෙහිදී පෙන්වා දුන් අතර තරුණ ව්‍යවසායකයන්ට ඒවා බදු දීමෙන් ජාතික ආර්ථිකයට දායක කරගත හැකිය.
විවිධ රජයන් යටතේ ජනාධිපතිවරු ජනතාවට ඉඩම් බලපත්‍ර ප්‍රදානය කළහ. එහෙත් පසුකාලීනව බැංකු ණයක් හෝ ආර්ථික ඒකක බවට එම ඉඩම් පත් කරගැනීමේදී ගැටළු රැසකට ජනතාව මුහුණ පා ඇතැයි ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
විදේශ ආයෝජකයන්ට ඉඩම් දීමේදී ණය සහ සෙසු පහසුකම් සලසා ගත හැකි පරිදි ගිවිසුම් අත්සන් තැබේ. ඉදිරියේදී ඒ ආකාරයට ජනතාවට ද එවැනි පහසුකම් ගතහැකි පරිදි ඔප්පු සකස් කිරීමේ වැදගත්කම මම අවධාරණය කළෙමි.
බදු පදනම මත ඉඩමක නිරවුල්භාවය ගැනීමට ආයතන 20 කට අධික සංඛ්‍යාවක අනුමැතිය ගැනීමට ජනතාවට සිදුවේ. ඒ සඳහා වසර ගණනාවක් ගතවන බව අනාවරණය විය. මෙවැනි තත්ත්වයන්ට ඉඩ නොතබා සරල කොන්දේසිවලට යටත්ව ඉඩම්වල නිරවුල්භාවය දීමට පියවර ගන්නැයිද උපදෙස් ලබා දුනි.
අනුමැතිය සඳහා රාජ්‍ය ආයතනයකට යොමුකරන ඉල්ලීමකට දින 14ක් ඇතුළත පිළිතුරු දීමට අවශ්‍ය පසුබිම රාජ්‍ය යාන්ත්‍රණය තුළ සකස් විය යුතු බව ද මම අවධාරණය කළෙමි.
අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු සහ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු සහ රේඛීය ආයතනවල නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

නිමල් නිදහස්

Next Post

ක‌ොපමණ බලපෑම් කළත් දුන් තනතුරු වෙනස් කරන්නේ නෑ

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.