ව්‍යාපාරික නිමල් පෙරේරා හට පනවා තිබූ විදෙස් ගමන් තහනම අත්හිටුවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කර තිබේ.
ශ්‍රී ලන්කන් ගුවන් සමගම විසින් එයාර් බස් මිලට ගත් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින එහි ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වූ ප්‍රියංකා නියෝමාලි විජේනායක යන අයට එරෙහිව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කර ඇති නඩුවට අදාළව, මෙම විදෙස් ගමන් තහනම පනවා තිබිණ.
මිට පෙර නඩුව කැඳවූ අවස්ථාවේ, නිමල් පෙරේරා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා, අධිකරණයට ප්‍රකාශ කළේ තම සේවා දායකයාට අයත් යැයි කියන, SABRE VISION LTD නම් ආයතනයේ, සිංගප්පූරු ගිණුමකට, ඩොලර් ලක්ෂ 4ක මුදලක් කෙසේ තැන්පත් වූයේද යන්න, තම සේවාදායකයා නොදන්නා බවයි.
ඒ ගැන සොයා බැලීමට සිංගප්පූරුවට යාමට අවශ්‍ය බව ඔහු සඳහන් කළ අතර එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, ව්‍යාපාරික නිමල් පෙරේරාට විදේශගත වීමට අවසර ලබා දී තිබේ.










