පසුගිය මාස දෙක ඇතුළත විවිධ රාජකාරි ඉටු කර දීමට අල්ලස් ලබා ගත් රජයේ නිලධාරීන් නව දෙනකු අල්ලස් විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එම කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂිකා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පත්මිණී වීරසූරිය මහත්මිය සඳහන් කළේ එවැනි අන්දමට අත්අඩංගුවට ගත් අය අතර පස් ප්‍රවාහනට ඉඩ සලසා දීමට රුපියල් ලක්ෂ හතරහමාරක් ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් ලබා ගත් බව කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළුව නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනකු, ග්‍රාම නිලධාරීන් දෙදෙනකු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු, රජයේ ජ්‍යෙෂ්ඨ තක්සේරුකරුවෙකු සහ වැඩ බලන සෞඛ්‍ය පරිපාලකයෙකුද සිටින බවය.
ඊට අමතරව රජයේ නිලධාරීන්ට අල්ලස් ලබා දුන් සිවිල් පුද්ගලයන් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන ඇත.










