ගංඟාවල සහ ගොඩ ඉඩම්වල වැලි ගොඩ දැමීම සඳහා කැණීම් සිදු කිරීමට අවසර ඉල්ලා දේශපාලන හිතවතුන් විසින් ඉදිරිපත් කර තිබූ අයදුම්පත් 700කට අධික සංඛ්‍යාවකට අවසර දීම පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අත්හිටුවා තිබේ.
එම ක්‍රමවේදය වෙනුවට ත්‍රිකුණාමළය දිස්ත්‍රික්කයේ ස්ථාන පහක් තෝරා ගෙන සමූපාකාර ක්‍රමවේදයක් මඟින් සමෘද්ධි පවුල්වල අයට ආදායම් ලැබෙන අන්දමට වැලි ගොඩ දැමීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජිත බව පරිසර අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
ඒ ආකාරයෙන් වැලි ගොඩ දැමීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස පරිසර අමාත්‍යවරයා භූ විද්‍යා සහ පතල් කැණීමේ සමීක්ෂණ කාර්යාංශයට උපදෙස් දී ඇති බවද මව්රටට දැන ගන්න ඇත.