• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

November 23, 2024
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘අවුරුදු 5ක් රට පාලනය කරලා අසාර්ථක වුණු නිසානේ මම මෙතැනට පත්වුණේ. දැන් අවුරුදු දෙකකට පස්සේ කිසිම දෙයක් වුණේ නැහැ වගේ කතා කරනවා. මේ ක්‍රමය වෙනස් කරන්නෙ ජනතාව. මම වුණත් මගේ ආණ්ඩුවේ ඇමැතිවරු වුණත් මන්ත්‍රීවරු වුණත් ඔබ බලාපොරොත්තු වූ දේ ඉටු නොකළොත් ආපහු අර පරණ කණ්ඩායමක්ම ගේන්න එපා. අලුත් අය හොයාගන්න. මම දන්නේ නැහැ කොහොමද කරන්නේ කියලා…’Sri Lanka Latest News

මෙහෙම කිව්වෙ අනුර කුමාර හෝ ටිල්වින් සිල්වා නොව ගෝඨාභය රාජපක්ෂය. ඔහු මේ ප්‍රකාශය කළේ 2021 නොවැම්බර් 10 වැනිදාය. ඔහු මේ ප්‍රකාශය කරන විට ලංකාවේ අලුත් කණ්ඩායමකට හිටියේ ජනතා විමුක්ති පෙරමුණ විතරය. ගෝඨා අලුත් කණ්ඩායමක් සොයාගන්න කිව්වේ ජවිපෙට ඡන්දය දෙන්න කියා නොකියා කියමින්ය. ඔහු ආපහු අර පරණ කණ්ඩායමට යැයි කීවේ සමගි ජන බලවේගය සහ යූ.ඇන්.පී.යය.

2021 නොවැම්බර් 10 වැනිදා ගෝඨා කී දේ අද මිනිස්සු අකුරටම කර තිබේ.

ගෝඨායි අනුරයි අතර අසමානකම් මෙන්ම සමානකම්ද තිබේ. 2015 පරාජයට පත්වූ පසුව පොදුජන පෙරමුණ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩගන්න ගෝඨා පොදුජන පෙරමුණට වියත් මග එකතු කළේය. ඔහු වියත් මගින් අලුත් මුහුණු හඳුන්වා දුන්නේය. පොදුජන පෙරමුණට හිඟ වූ බුද්ධිමත් තරුණ මුහුණු හඳුන්වා දුන්නේය.

අනුරත් 3%ට වැටුණු ජවිපෙ ගොඩදමන්න ජාතික ජන බලවේගය හදා එයට අලුත් මුහුණු, බුද්ධිමත් තරුණ මුහුණු එකතු කර ගත්තේය. ගෝඨාගේ ජනප්‍රිය කාන්තා චරිතය වූයේ සීතා අරඹේපොලය. අනුරගේ ජනප්‍රිය කාන්තා චරිතය වූයේ හරිනි අමරසූරියය.

ගෝඨා පොදුජන පෙරමුණට ඔක්සිජන් දෙන්න විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව එකතු කරගත්තේය. ඔවුන් හරහා ලංකාවේ ජනතාවට බලපෑම් කරමින් 2019 ජනාධිපතිවරණය ළං වෙන විට විදෙස්ගත ලාංකිකයන් දහස් ගණනින් ගෝඨාට ඡන්දය පාවිච්චි කරන්න කටුනායක ගුවන් තොටුපළට එන ජවනිකා රඟදැක්වූයේය.

අනුරත් ජවිපෙට ඔක්සිජන් දෙන්න විදේශ රටවල රැස්වීම් තබමින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හරහා ලංකාවට බලපෑම් කළේ එකම විකල්පය මාලිමාව කියමින්ය. ඔවුන් ගෝඨා වගේම විදෙස්ගත ලාංකිකයන් ඔහුට ඡන්දය දෙන්න කටුනායක ගුවන් තොටුපළට ගෙන්වා ගෝඨාගේ ජවනිකාව රඟදැක්වීය.

ගෝඨා වියත් මග හරහා ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයන් තමන් සමග සිටින බව පෙන්වන්න ව්‍යාපාරික සමුළු පැවැත්වීය. ඒ ව්‍යාපාරික සමුළුවල ප්‍රකට ව්‍යාපාරිකයන් වූ ජෝන් කීල්ස්හි ක්‍රිෂාන් බාලේන්ද්‍රන්, ඩයලොග් ප්‍රධානී හාන්ස් විජේසූරිය වැනි ව්‍යාපාරික පතාකයෝ වූහ.

අනුරත් වියත් මග ආදර්ශයට ගෙන ව්‍යාපාරික සමුළු පවත්වා ව්‍යාපාරිකයන් ඉන්නේ තමා සමග යැයි රටට පෙන්වීය. ගෝඨාගේ ආර්ථික සමුළුවලට ආ ව්‍යාපාරික පතාකයෝ අනුරගේ සමුළුවලටද ආහ.

ගෝඨා ජනාධිපති වූයේ සමාජ මාධ්‍ය හරහා ඔහුගේ ප්‍රතිවාදීන්ට පහරදී ඔහුගේ ප්‍රතිරූපය හදාගෙනය. අනුරත් ජනාධිපති වීමට සමාජ මාධ්‍ය උපරිමයෙන් ප්‍රයෝජනයට ගත්තේය. ගෝඨාටත් වඩා ක්‍රියාකාරී සමාජ මාධ්‍ය ජාලයක් අනුරට තිබුණේය. හැබැයි අනුර ප්‍රයෝජනයට ගත්තේත් ගෝඨාගේ ප්‍රතිරූපය හදන්න ගෝඨා ප්‍රයෝජනයට ගත්ත සමාජ මාධ්‍ය බළකායමය.

2024 ජනාධිපතිවරණය්දී අනුරට එල්ල වූ ලොකුම චෝදනාව අනුරට රාජ්‍ය පාලනයේ අත්දැකීම් නැතිකමත්, අනුර ආවොත් ජවිපෙ භීෂණය ආරම්භ වී රටම ලේ විලක් වේය කියන කතාය. 2019 ගෝඨාට එල්ලවූ ලොකුම චෝදනාව වූයේත් ගෝඨා ජනාධිපති වුවහොත් හිට්ලර් කෙනෙක් වී හමුදා රජයක් හදා ලංකාව ලේ විලක් කරයි කියාය. ඊළඟ චෝදනාව වූයේ ගෝඨාට රාජ්‍ය පාලනයේ අත්දැකීම් නැතිකමය.

ගෝඨාට ජනාධිපති වීමට 2019 ජනාධිපතිවරණය පවත්වන විට අගමැති වූ රනිල් උදව් කළේය. ඔහු යූ.ඇන්.පී. ජනාධිපති අපේක්ෂක සජිත් පරාජය කරන්න සජිත්ගේ කකුලෙන් ඇද්දේය. අනුර ජනාධිපති කරන්නත් රනිල් උදව් කළේය. රනිල් පළමුව මහ ඡන්දය තිබ්බා නම් දිනන්නේ සමගි ජන බලවේගයය. ඒ වගේම රනිල් ජනාධිපති තරගයට පැමිණ සජිත්ට වාසිදායක සුළු ජාතිකයන් ජීවත් වන පළාත්වල ප්‍රචාරක ව්‍යාපාරය අනෙක් පළාත්වලට වඩා ශක්තිමත් කරමින් සජිත්ට ලැබෙන සුළු ජාතික ඡන්ද අඩුකර සජිත්ව පරාජයට පත්කළේය.

ගෝඨා ජනාධිපති වී ඔහුගේ ප්‍රතිවාදීන් කී ලෙස හිට්ලර් කෙනෙක් වූයේ නැත. ඔහු ප්‍රජාතන්ත්‍රවාදියෙක් විය. අනුර ජනාධිපති වී ප්‍රතිවාදීන් කී ජවිපෙ භීෂණය දියත් වූයේ නැත. රට තිබුණාටත් වඩා සාමකාමී විය.

ගෝඨා ජනාධිපති වූ පසු ගෝඨා උපදෙස් ගත්තේ වියත් මගෙන්ද නැත්නම් පොහොට්ටුවේ නායකයන් වූ රාජපක්ෂ පවුලෙන්ද යන්න ගැන ලොකු වාදයක් තිබිණි. මේ මහ ඡන්දයෙන් පසු අනුර උපදෙස් ගත්තේ ජවිපෙන්ද නැත්නම් මාලිමාවෙන් ආ අලුත් ටීම් එකෙන්ද යන ප්‍රශ්නය මතුවෙයිද කියා කිව නොහැකිය.

ගෝඨා මැදිවූයේ රාජපක්ෂ පවුලට සහ ඔහුට වියත් මග හදන්න උපදෙස් දුන් ඔහුගේ සමීපතම උපදේශකයා වූ මාධ්‍ය ප්‍රධානී දිලිත් ජයවීරගේ බල අරගලයටය. ගෝඨා වරෙක රාජපක්ෂ පවුලේ පැත්ත ගත්තේය. වරෙක දිලිත් ජයවීරගේ පැත්ත ගත්තේය.

අනුරත් මේ මහ ඡන්දයෙන් පසු මැදිවන්නේ මාලිමාවට සහ ටිල්වින් නායකත්වය දෙන ජවිපෙටය.

ගෝඨා ජනාධිපති වී උපදෙස් ගන්න ව්‍යාපාරිකයන්ගේ කමිටු පත්කර ගත්තේය. ගෝඨා ආර්ථිකය හදන්න පත්කරගත් ආර්ථික උපදේශක කමිටුවේ දුමින්ද හුලංගමුව සිටියේය. ආර්ථික ඩිජිටල්කරණය ගැන උපදෙස් දෙන්න ඩයලොග් අධිපති හාන්ස් විජේසූරිය සිටියේය. අනුර අද ඔහුට ආර්ථිකය ගැන උපදෙස් ගන්න ඩිජිටල්කරණය කරන්න පත්කරගෙන ඇත්තේත් ගෝඨා පත්කරපු ව්‍යාපාරිකයන්මය. අනුරගේ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුවය. ඩිජිටල්කරණය බාරදී ඇත්තේ හාන්ස් විජේසූරියටය.

ගෝඨා ජනාධිපති වූයේ මහබැංකු කොල්ලය විමර්ශනය කොට ඊට සම්බන්ධ වරදකරුවන්ට දඬුවම් දී මහබැංකු මංකොල්ලය නිසා රටට අහිමි වූ ධනය යළි රටට ලබාගන්නටත්ය.

අනුර ජනාධිපතිවරණයේදී කීවේ රාජපක්ෂලා උගන්ඩාවේ හංගපු සල්ලි ගෙනැවිත් ණය බේරන බවත්, පාස්කු ප්‍රහාරයේ මහමොළකරු අල්ලන බවත්, මහබැංකු මංකොල්ලයේ මහමොළකරු අල්ලන බවත්ය.

ගෝඨාත් ගත්තේ 69 ලක්ෂයකි. අනුරත් ඒ ගානටම ඡන්ද ගත්තේය.

‘අනුර ගෝඨා වගේද…?’

ගෝඨා හමුදා නිලධාරියෙකි. අනුර ශූර දේශපාලනඥයෙකි. ගෝඨාට වැරැදුණේ දේශපාලනය නොදන්නා නිසාය. ඒ වගේම ගෝඨාට පක්ෂයක් තිබුණේ නැත. එහෙත් අනුර චන්ද්‍රිකා එක්ක වැඩකර, මහින්දලා එක්ක වැඩකර, රනිල් එක්ක වැඩකර දේශපාලනයේ තෙම්පරාදු වූ දේශපාලනඥයෙකි. ඔහුව රකින්න රටේ කැරැලි දෙකක් ගහපු පක්ෂයක් ඇත. අනුර ගෝඨා නොවන බව කියන්න පුළුවන් ලොකුම සහ එකම හේතුවත් ඒකය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

දොස්තරවරු නලින්දට වැඩක් දෙන්න සෙට් වෙයි! Sri Lanka Latest News

Next Post

පාටියකට ගිහින් පාන්දර එද්දී ජිප් එක ඔයට පෙරළී කෝටිපති අයියයි මල්ලියි එකට අවසන් ගමන් යයි! Sri Lanka Latest News

MORE NEWS

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

Load More
බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර හා දුරගමන් සේවා සඳහා වායුසමනය කළ Deluxe මාදිලියේ නව බස් රථ 600ක් මිලදී ගැනීමට අමාත්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.