මාධ්‍යවේදී ජමාල් කෂෝගීගේ අල්ලා හෝ ඝාතනය කිරීමේ මෙහෙයුමට සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් කුමරු සිය අනුමැතිය ලබාදී ඇති බව අමෙරිකා එක්සත් ජනපද බුද්ධි වාර්තාව මගින් තහවුරු කර ඇත.
“සෞදි අරාබියේ ඔටුන්න හිමි මුහම්මද් බින් සල්මාන් කුමරු තුර්කියේ ඉස්තාන්බුල්හි දී සවුදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි අල්ලා ගැනීමට හෝ ඝාතනය කිරීම සඳහා වන මෙහෙයුමක් සඳහා අනුමත කර ඇතැයි” යනුවෙන් වාර්තාවේ සදහන් කොට තිබේ.
2018 වසරේ 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් තුර්කියේ ඉස්තාන්බුල්හි පිහිටි සෞදි කොන්සියුලර් කාර්යාලයේදී ජමාල් කෂෝගී ඝාතනය කළ බවට චෝදනා එල්ල වු අතර පසුව විදෙස් රාජ්‍යවලින් එල්ලවූ බරපතළ පීඩනය හමුවේ එම මෙහෙයුමට සම්බන්ධ පිරිස් සෞදි පොලිසිය විසින්ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ද ගැණින.
එලෙස අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අතර සෞදියේ ඔටුන්න හිමි කුමරුගේ ආරක්ෂාව භාර කණ්ඩායමේ සාමාජිකයින් 07දෙනෙක්ද සිටියහ.
පසුගිය බ්‍රහස්පතින්දා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ සවුදි රජු වන සල්මාන් බින් අබ්දුලාසීස් අල්-සෞඩ් සමග දුරකථන සංවාදයක් ද පවත්වනු ලැබීය.










