• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු වාර්තාවෙන් දැන්ම කාටවත් නඩු වැටෙන්නෙ නෑ: රහසේ දුන් කටඋත්තර නීතිපතිට යවලත් නෑ EXCLUSIVE

February 27, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
පාස්කු වාර්තාවෙන් දැන්ම කාටවත් නඩු වැටෙන්නෙ නෑ: රහසේ දුන් කටඋත්තර නීතිපතිට යවලත් නෑ EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිසමේ අවසන් වාර්තාව මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කොට තිබුණද ඊට අදාළ අතිශය රහසිගත තොරතුරු ඇතුළත් වෙළුම් කිහිපයක් ලබා දී නොතිබීම හේතු කොට ගෙන ඉදිරි නීතිමය කටයුතු සම්බන්ධයෙන් බරපතළ අර්බුදයකට නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් මුහුණ දී ඇති බව වාර්තා වේ.

නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලබාදී නොමැති මෙම වෙළුම් කිහිපයෙහි පාස්කු ප්‍රහාරයට අදාළ අතිශය රහසිගත තොරතුරු විශාල ප්‍රමාණයක් ඇතුළත්ව තිබී ඇති බවද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් තම දෙපාර්තමේන්තුවට ලැබී ඇති අවසන් වාර්තාවේ පිටපත සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ දීර්ඝ අධ්‍යයනයක නිරත වී ඇති නීතිපති දප්පුලද ලිවේරා මහතා එහි නීතිමය කටයුතු ඉදිරියට ගෙනයෑම සම්බන්ධයෙන් තීන්දු තීරණ කිහිපයක් ගෙන ඇති බවද වාර්තා වේ.

ඉන් ප්‍රධාන තීන්දුවක් වී ඇත්තේ ජනාධිපති කොමිසම මඟින් ලබා දී ඇති වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවට නීතිමය බැඳීමක් නොමැති බැවින් අදාළ වාර්තාව සම්බන්ධයෙන් තවදුරටත් සියුම් අධ්‍යයනයක් කොට ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කිරීමය.

ඒ අනුව අදාළ වාර්තාව මඟින් යම් යම් පුද්ගලයන්ට එරෙහිව අපරාධ නඩු පැවරීම සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග විමර්ශනය කරන ලෙසට කර ඇති නිර්දේශය වහාම ක්‍රියාත්මක කරනවා වෙනුවට කොමිසම මඟින් ඉදිරිපත් කොට ඇති අතිශය රහසිගත සාක්‍ෂි ඇතුළත් සියලුම කොටස් නැවැත අධ්‍යයනය කොට ඒ පිළිබඳ තීන්දුවක් ගැනීමට නීතිපතිවරයා තීන්දු කර ඇත.

එම අතිශය රහසිගත සාක්‍ෂිවල මෙම ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ වැදගත් තොරතුරු සහ අනුමාන සහිත බැවින් ඒ සියල්ල නැවැත අධ්‍යයනය කළ යුතු බව නීතිපතිවරයාගේ ස්ථාවරය වී තිබේ.

විශේෂයෙන්ම එම සාක්‍ෂිවල ප්‍රහාරයේ ප්‍රධානියා වූ සහරාන් හෂීම්ගේ බිරිය ඇතුළු අතිශය වැදගත් පුද්ගලයන් කිහිපදෙනකුගේ සංවේදී සාක්‍ෂි ඇතුළත්ව තිබීම හේතුවෙන් ඒ පිළිබඳ අධ්‍යයනයක් නොකොට ඉදිරි ක්‍රියාමාර්ග ගත නොහැකි බවද නීතිපතිවරයාගේ මතය වී තිබේ.

එමෙන්ම අදාළ සාක්‍ෂි අධ්‍යයනයෙන් පසු නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවට හැඟී යන පුද්ගලයන් සම්බන්ධයෙන් සහ නැවැත වතාවක් විමර්ශනයට ලක් කළ යුතු තැන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු යොමු කිරීමටද නීතිපතිවරයා තීන්දු කොට ඇති බව දැනගන්නට ඇත.

එම ක්‍රියාදාමයෙන් පසුව අදාළ නඩු පැවරීම සිදුකිරීමටද නීතිපතිවරයා විසින් තීන්දු කරනු ලැබ ඇති බව පැවැසේ.
ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධ අවසන් වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කොට තිබුණද ඒ පිළිබඳ නඩු පැවරීම ඇතුළු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම ඉතා ඉක්මනින් සිදු නොවනු ඇති බවද දැනගන්නට තිබේ.

SendShareShare
Previous Post

මාධ්‍යවේදී කෂෝගි මැරුවේ සෞදි කුමරු‌ගේ නියෝගයකට: අමෙරිකාව තහවුරු කරයි

Next Post

පොලිසිය විනාශ වූ හැටි

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.