රුපියල් කෝටි එකහමාරකට අධික හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය මෙන්ම රුපියල් ලක්ෂ 15කට වැඩි මුදලක් සමඟ කාන්තාවක ඇතුළු දෙදෙනෙකු දෙහිවල සහ රාගමදී විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගෝනහේන විශේෂ කාර්ය බළකා බුද්ධි ඒකකයට ලද තොරතුරකට අනුව ඊයේ පෙරවරුවේ මෙම වැටලීම සිදුකර තිබිණ.
රාගම ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය සොයාගත් අතර ,දෙහිවල ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමේදී හෙරොයින් මත්ද්‍රව්‍ය සොයාගනු ලැබීය.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලබාදී ඇත.













