රුපියල ස්ථාවර කරගැනීම සදහා ලංකාවට ගෙන්වන භාණ්ඩ විශාල ප්‍රමාණයක් තාවකාලිකව තහනම් කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීන්දුවත් සමග ආර්ථිකයේ ඇතැම් ක්ෂේත්‍ර වසා දැමීමට සිදුවනු ඇති බවත්, ඒ හරහා රැකියා විශාල ප්‍රමාණයක් අහිමි වී යනු ඇති බවත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පෙන්වා දෙයි.
එහි ජාතික සංවිධායක සජින් ද වාස් ගුණවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව අවධාරණය කොට ඇත.
එම නිවේදනය මෙසේය.












