ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පවත්වන ස්ථානය වෙනස් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර ඇති බව දැනගන්නට ඇත.
මීට පෙර තීන්දු වී තිබුණේ ලබන අගහරුවාදා පෙරවරු 10ට පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක එකෙහි පැවැත්විමටය.
නමුත් ඊයේ ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දීමක් කොට ඇත්තේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සදුදා සවස 6.30ට අරලිය ගහ මන්දිරයේ පැවැත්වීමට සැලසුම් කර ඇති බවකි.










