පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත වහා හකුලා ගන්නා ලෙස බලකරමින් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීම කෙරෙහි වෘත්තිය සමිතිවල අවධානය යොමු වී ඇතැයි වෘත්තිය සමිති ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධව රාජ්‍ය අංශයේ වෘත්තිය සමිති රාශියක් මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කර ඇතැයි දැනගන්නට ඇත.
එක් දින සංකේත වැඩ වර්ජනයක් පවත්වා රජයට බලපෑමක් එල්ල කිරීමට ද, එම කෙටුම්පත අකුලා ගැනීමට රජය සූදානම් නැතිනම් අඛණ්ඩ වර්ජනයකට එළැඹීමට මෙම වෘත්තීය සමිති සූදානමින් සිටින බවද වාර්තා වේ.
කෙසේ වෙතත් ඉදිරි දින කිහිපයේ දී රජයේ ප්‍රතිචාර මොනවාද යන්නත් දැනට අධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම් සඳහා ලැබෙන තීන්දු පිළිබඳවත් සළකා බලා එකී වෘත්තිය සමිති ක්‍රියා මාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව දදැනගන්නට තිබේ.










