විශේෂ ප්‍රභූ අවසරයක් යටතේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙවර ජපානයේ පැවැත්වෙන ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගී වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් පවතින තත්ත්වය යටතේ ඔලිම්පික් සමාරම්භක උළෙලට සහභාගී වන පිරිස දැඩි ලෙස සීමා කිරීමට පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානියා ලෙස දැනටමත් ගාමිණී ජයසිංහ මහතාගේ නම නිර්දේශ කොට ඇත.