හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකුට කැනඩාව විසින් ඉලක්කගත සම්බාධක පනවා තිබේ.
මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක සහ ලුතිනන් කමාන්ඩර් චන්දන හෙට්ටිආරච්චි යන ශ්‍රී ලාංකිකයින් දෙදෙනාටද මෙසේ සම්බාධක පනවා ඇති බව පැවසේ.
කැනේඩියානු රජයේ විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලි පැවසුවේ සන්නද්ධ ගැටුම් වලදී දළ සහ ක්‍රමානුකූලව මානව හිමිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරීන් හතර දෙනෙකුට එරෙහිව විශේෂ ආර්ථික පියවර පනතට අනුව රෙගුලාසි යටතේ ඉලක්කගත සම්බාධක පැනවූ බවය.










