අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය වසරේ පෞද්ගලික ජෙට් යානයකින් ඉන්දියාවේ තිරුපති වන්දනාවට එක්වීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලැබුණ පැමිණිල්ලක් පිළිබඳව විමර්ශන ආරම්භ කරන බවට එම කොමිසම පැමිණිලිකරුට දැනුම් දීමක් කොට ඇත.
පසුගිය වසරේ දෙසැම්බර් 31 වන දින අල්ලස් කොමිසමට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණ.
එම කොමිෂන් සභාවේ ලේකම්වරයා පෙබරවාරි 2 වැනි දින ලිපියක් යොමුකරමින් පැමිණිලිකරුට දන්වා ඇත්තේ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට කොමිසම තීරණය කර ඇති බවයි.










