• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

පස්දෙනෙක් එකදා එකට බිලිගත් ගැරඬි ඇල්ලයි.!
රට වටේ සිව් කොන සිද්ධ වෙන මරණ රැල්ලයි..!

February 8, 2022
in Exclusive, News
Reading Time: 2 mins read
A A
පස්දෙනෙක් එකදා එකට බිලිගත් ගැරඬි ඇල්ලයි.! රට වටේ සිව් කොන සිද්ධ වෙන මරණ රැල්ලයි..!
Share on WhatsAppShare on Facebook

දවසක් හීන් හීතලේ ඈ ඇගේ ගමන යමින් උන්නාය. අතර මඟ පිපි මල් පෙති අතර ඈ හෙමින් දඟකෙරුවාය. මල් පෙත්තක සුදුමුදු පහස ඈ වින්දාය. කුරුලු කිරිලියෝ ඈට උසුළු විසුළු කළේය. සමනල්ලු සමහර තැන්වලදී ඈ හා මිමිනුවේය. විටෙක ඈ ආවේ ලැසිගමනෙනි. තව විටෙක ඈ කලබලකාරී ලෙසිනි. එහෙන් මෙහෙන් උඩින් පැන පැන ගමන පටන්ගත්තාය. තව විටෙක ඈගේ ගමන දඟකාර විය. ඈ කාටවත් කරදර කළ එකියක නොවේ. ඈ ඇගේ පාඩුවේ ඇගේ ගමන ගියාය. ඇගේ සුලලිත සුකුමොල දේහයට ඉර හඳ පවා වශීවී බලා උන් තැන් තිබේ. ඈ ඇගේ සිනිඳු දිය සළු උනාදමා සමහර තැනක විඩා නිව්වාය. මිනිසුන් ඇගේ පහස සොයා ආවේත් එහෙම තැන්වලදීය.
මේ කතාවේ තවත් නැවැතුමක් එහෙමය. බණ්ඩාරවෙල ඇටම්පිටිය ඉඹුල්වත්ත පැත්තේත් ඈ එහෙම ගිමන් නිවනා තැනක් තිබුණේය. ඉතින් ඈ ගීයක් මුමුනමින් නිසොල්මනේ නතරවුණු තැනක කවුදෝ මිතුරු මිතුරියෝ එකොළොස් දෙනකු පැමිණියහ. ඒ ආ දවස ඈටද අපටද ඔවුන්ටද කිසි දිනෙක අමතක නොවන දිනයක් විය.

ඒ, ඉර හඳ පවා නොඋසුලන මහා ඛේදවාචකයකට මුලපුරන්නටය. ගැරඬි ඇල්ලේ ගීය සෝ ගීයක් විය. විටෙක ඇය මුමුනවාට වඩා ඈ හඬාවැටෙනවා යැයි හිතන්නට තරම් ගැරඬි ඇල්ලේ ගීයේ රිද්මය වෙනස් වී තිබිණි. ඈ නිදොස් කොට නිදහස් කරන්නට තරම් තවම සාක්ෂි නැත. ඈ වරදකාරියක කර එල්ලා මරන්නටද තවම සාක්ෂි නැත. කොහොම නමුත් ගැරඬි ඇල්ල වරදක් කළේ යැයි අපට ගැරඬි ඇල්ලට චෝදනා කළ නොහැකිය. මළගිය මිනිසුන්ට චෝදනා කරන්නටද නොහැකිය. කවුරු හෝ කොතැන හෝ කුමන හෝ වරදක් කර තිබේ. අවසානයේ ඈ තම මිතුරු මිතුරියන් පස්දෙනකු මරු තුරුලට රැගෙන යන්නට තරම් කුරිරු වූවාය. ඒ සුලලිත සුකුමල සොඳුරු කුමරිය මිනිසුන් මරාදමතැයි විශ්වාස කළ නොහැකි මුත් ඇගේ කතාව විශ්වාස කළ යුතුය. ගැරඬි ඇල්ලේ ඛේදවාචකය එසේ නිමාවී තිබේ. නමුත් මේ පළමු වැනි හෝ අවසන් කතාව නොවන නිසා අපි එය ලිවිය යුතුය.

බණ්ඩාරවෙල ඇටම්පිටිය ඉඹුල්වත්ත පැත්තේ මිතුරන්ගේ නිවෙසේ පැවැති දානමය පින්කමකට සහභාගි වූ පිරිසක් ජනවාරි 29 වැනිදා මිතුරු මිතුරියෝ 11 දෙනකු සමග ගැරඬි ඇල්ලේ දිය නා වළෙහි නාන්නට ගියෝය. ඒ ගියේ ඔක්කෝම එකටය. දිය නාමින් උන්නේත් අත් අල්ලාගෙනය. තරුණියන් සිවුදෙනකුත් තරුණයකුත් මේ පිරිස අතර විය. යළි දිය නා වළෙන් මෙගොඩ ආවේ නැත. ඒ අය යළි කිසි දිනෙක නොඑන ගමනක් ගොස්ය. දිය නාන්නට ගිය පිරිස අතර සිටි එක් මිතුරෙක් මෙහෙම කියා තිබුණේය. ඔවුන් දිය නෑවේ දිය වළට බැස අත් අල්ලාගෙනය. එක් තරුණයකු දියේ ගිලී අතුරුදන් වූ බවත්, ඒ සමගම අත් අල්ලාගෙන සිටි තවත් තරුණ තරුණියන් හත්දෙනකු දිය වළට වැටී අතුරුදන් වූ බවත්ය. ඉන් තිදෙනකු පමණක් ගොඩට ආ බව ඔහු පැවැසීය. අනතුර සිදුවීමෙන් පසු ඒ කණ්ඩායමේ දිවි බේරාගත් අයගේ කෑගැසීම ඇසී එතැනට පැමිණි ප්‍රදේශවාසීන් දියේ ගිලී සිටි දෙදෙනකුගේ සිරුරු ගොඩට ගෙන ඇත. පසුව ඇටම්පිටිය පොලිසිය පැමිණ තවත් දෙදෙනකුගේ සිරුරු ගොඩට ගෙන ඇත. දියේ ගිලී අතුරුදන්ව සිටි තරුණියකගේ සිරුර පොලිසිය හා යුද හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකදී දියවළේ ගල් වළක සිරවී තිබියදී 30 වැනිදා සොයාගෙන තිබිණි.
මියගිය පස්දෙනාගේම මෘතදේහ බදුල්ල මහ රෝහලට ගෙනැවිත් මරණ පරීක්ෂණ සිදුකරන්නට විය. මියගියේ ඇටම්පිටිය ඉඹුල්වත්තේ පදිංචි වනරාජා ඩේවිඩ් කුමාර, ජයරාම් කාංචනා ප්‍රියා, හැටන් පදිංචි සාඩාම්බරම් භාවනී චන්ද්‍රලේඛා, ශෂිප්‍රියා සෙල්වකුමාර්, කීරෝස් වත්තේ පදිංචිව සිටි සෙල්වකුමාර් පරිමා දේවිය. ඒ කතාව එතෙකින් සමාප්ත විය. කතාව නිමා කළ නොහැකිය. ගැරඬි ඇල්ලේ පස් දෙනකු ගිලී මියගිය බව තවත් එක ප්‍රවෘත්තියක් පමණි.

ශිෂ්‍යත්ව විභාගයට පසුවදා, ශිෂ්‍යත්වය ලියූ සිඟිත්තියෝ දෙදෙනකුද ඇතුළුව කිහිපදෙනකු තැන් තැන්වලදී දිය අනතුරුවලින් මියගියහ. අවුරුදු උදාවෙන්නේම දිය අනතුරු සමගය. සමහරු මුහුදේ ගිලී මියගොස් තිබේ. මේ කතාවට බොහෝ සමාන කරුණු ඇති කතන්දර තවත් වාර්තා වේ. මීරිගම පැත්තේ තවත් ඇල්ලක ගිලී තිදෙනකු එකම දවසේ මියගියහ. මෙසේ ගත් විට පසුගිය කාලයේ දියේ ගිලී වූ අනතුරු සංඛ්‍යාව 30කට 40කට ආසන්නය. 30ක් 40ක් දියේ ගිලී මියයන අතර අපි බලා සිටියේ ඇයි? ප්‍රශ්නය තියෙන්නේ එතැනය.

වලාකුළු සේද ඇතිරූ සිනිඳු සුදුමුදු අහස් තලාවේ නිසොල්මනේ බලා හිඳිනා ඉරට හඳට චෝදනා කර වැඩක් නැත. මේ වැහි වැටෙනා සමයක් නොවේ. දිය ඇලි ගංගා පිරී උතුරනා සමයක් නොවේ. වැහි නොවැටුණු කාෂ්ටක මහ පොළොවේ ඉරිතැළුණු බිම් හොයාගෙන යන්තමින් පණ අදිමින් යන දියවැල් මිනිස්සු බිලිගන්නවා නම් ඊට වඩා ඛේදවාචකයක් නැත. කිසි විටෙක නොදන්වා නොකියාම නිවෙසට එන මහා ගංවතුරකට සුනාමියකට මිනිසුන් බිලිවෙනා එක ඛේදවාචකයක් නමුත් ඊට කරන්න දෙයක් නැත. නමුත් මේ ජීවිතයේ සතුට සොයා යන සොඳුරු ගමන් මඟ මරණය තිබේ නම් යළි ඒ කිසිම දිනෙක එවන් ගමනක් සතුටින් යන්නට මේ කිසිවකුට නොහැකිය. දියේ ගිලී සිදුවෙන මරණවලට වගකිව යුත්තේ දිය නාන්නට ගිය අය නොවේ. සිය ගමන බිමන සංචාරය අතරතුර දිය වළකට බැස දිය ඇල්ලකට බැස වැවකට ගඟකට බැස නැත්නම් මුහුදට බැස දිය නානා බොහෝ දෙනාගේ ජීවිත කතා හමාර වන්නේ ඇත්තටම මේ විදියටය. ඉහෙන් බහිනා රෝගයක් නැතිව මේ මහ පොළොවේ උපදින්නට පින් කළ බොහෝ තරුණ තරුණියන් අවාසනාවන්ත ලෙස මියයා නම් එය ඛේදවාචකයකි. අදද, මේ මොහොතේද කාගේ හෝ ජීවිතයක් බේරාගන්නට, වෛiවරු, හෙද හෙදියෝ, රෝහල් කාර්ය මණ්ඩල අතිශයින් වෙහෙසෙමින් සිටිති. සිය ජීවිත පසෙක තබා වෙහෙසෙමින් ජීවිත බේරාගන්නා මිනිසුන් ඉන්නා රටක සිය ජීවිත පසෙක දමා දිය වළක බැස ජීවිත විනාශ කරගන්නා තරුණ තරුණියන් වේ නම් එය කතා කළ යුතු මාතෘකාවකි. හෙටවත් තේරුම් කරගන්න. මේ මහ පොළොව තරම් අපට මිතුරු අපට සොඳුරු අපට ආදරය කරන වෙන දෙයක් නැත. මේ පරිසරය තරම් අපව රැකබලා ගන්නා වෙන කෙනෙක් නැත. මේ ගහ කොළ වැල් සතා සීපාවෝ අපේ මව්පියෝ සේ අප හා හිඳිමින් අපව බලාගනිති. නමුත් අපි ඒ ගහට කොළට වැලට ඇළට දොළට කරන්නට දෙයක් නැති තැනට පත්කොට අසරණ කරන විට ඇළට දොළට චෝදනා කර වැඩක් නැත. ඒ නිසා දිය නාන්නට පෙර දෙවරක් හිතන්න. දියට බසින්නට පෙර දෙවරක් හිතන්න. ජීවිතය වටින්නේ ඔබට සහ ඔබේ ආදරණීයයන්ටය.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මහින්දගේ තිරුපති ගමනට ලෙඩක් වැටෙයි! ජෙට් එක ලැබුණු විදිහ ප්‍රශ්නයක් වෙයි!

Next Post

උතුරේ ධීවර ප්‍රශ්නය ධීවරයන් දකුණේ අමාත්‍යංශයටම අරන් එයි! අදත් හූ සංග්‍රහයක්! ඩග්ලස්ට බේරෙන්න බැරි වෙයි! (VIDEO)

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.