සදුදා (04) දිනයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අරලිය ගහ මන්දිරයේ කැදවා ඇති සාකච්ජාව වර්ජනය කිරීමට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්ෂය තීන්දු කර ඇත
එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අස්සනින් යුතුව නිකුත් කළ නිවේදනයෙහි මේ බව දක්වා තිබේ.
ඒ සදහා බලපා ඇති හේතු කාරණා රැසක්ද එම ලිපියෙහි අන්තර්ගත කිරීමට සමගි ජන බලවේගය පියවර ගෙන ඇත.
මීට පෙර ජනතා විමුක්ති පෙරමුණද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තම පක්ෂය එම රැස්වීමට සහභාගී නොවන බවකි.
සමගි ජන බලවේගය නිකුත් කළ නිවේදනය මෙසේය.













