ජනසුවය සමාජ සත්කාර වැඩසටහනේ 3වන අදියර ලෙස, සුවහසක් වකුගඩු රෝගීන්ගේ අවශ්‍යතාවය උදෙසා වකුගඩු රුධිර කාන්දු පාරවීලන යන්ත්‍ර (Dialysis machine) දෙකක් සජිත් ප්‍රේමදාස මහතා විසින් මාලිගාවත්ත වකුගඩු රෝහලට පරිත්‍යාග කරනු ලැබීය .
මෙම අත්‍යාවශ්‍ය රෝහල් උපකරණ අතර එක් යන්ත්‍රයක් රුපියල් 2,275,000/=(විසි දෙලක්ෂ හැත්තෑපන්දහසක්)වූ අතර යන්ත්‍ර දෙකෙහි මූල්‍යමය වටිනාකම රුපියල් 4,550,000/=(හතලිස් පන්ලක්ෂ පනස්දහසක්) විය.
දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමන්ගේ 27වන ගුණානුස්මරණය නිමිත්තෙන් මෙම පරිත්‍යාගයන් සිදු කර තිබිණ.
මෙම අවස්ථාවට එස්.එම්. මරික්කාර් සහ මුජිබර් රහුමාන් යන මහත්වරුද සහභාගී වී සිටියහ.
මීට පෙර අදියර දෙකක් යටතේ ජනසුවය හරහා ලක්ෂ 60ක් ඉක්මවූ රෝහල් උපකරණ පරිත්‍යාග කරනු ලැබීය.













