බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත.
ඒ අනුව කොරෝනා රෝගය වැළදුණු ලංකාවේ පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බවට දයාසිරි ජයසේකර මහතා පත්ව තිබේ.
රාජ්‍ය අමාත්‍යවරයා මේ වන විට හික්කඩුව ප්‍රදේශයේ පිහිටි හෝටලයක ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වේ.










