දක්ෂිණ අධිවේගයේ මෝටර් රථයක නොසැලකිළිමත් ව ගමන් ගත් තරුණයින් සිව්දෙනා අද (13) උදෑසන අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මහනුවර, අකුරණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18ත් 20ත් අතර පසුවන තරුණයින් වේ.
අයුතු අවහිර කිරීම හා අයුතු ජනරාශියක සාමාජිකයින් ලෙස කටයුතු කිරීම යන චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පසුගිය අප්‍රේල් 10 වන දින අධිවේගයේ ගමන් ගත් එම මෝටර් රථයේ රියදුරු ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගත් අතර පානදුර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව අප්‍රේල් මස 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අපරික්ෂාකාරී නොසැලකිළිමත් ධාවනය හා අන් අයට අන්ත්‍රාවක් සිදුවන ආකාරයෙන් රිය ධාවනය සම්බන්ධයෙන් එම සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.










