වෘත්තීය සමිති නියෝජිතයන් විසින් මහබැංකුව තුළ බෙදාහැර ඇති ලිපියක් හේතුකොටගෙන මේ වනවිට එහි අභ්‍යන්තරයේ අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.
මෙම ලිපිය මගින් වෘත්තීය සමිති නියෝජිතයන් විසින් මහබැංකු අධිපතිවරයාට චෝදනා ගණනාවක්ම එල්ල කොට ඇත.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් මහබැංකුවේ මානව සම්පත් අධ්‍යක්වරයා විසින් සියලුම වෘත්තීය සමිති නායකයන් වෙත පිළිතුරු ලිපියක් යැවීමට පියවර ගෙන තිබේ.
එහි සදහන් වන්නේ මෙම චෝදනාවන් පිළිනොගන්නේ නම් එය ලිඛිතව දැනුම් දෙන ලෙසත්, එසේ නොවන්නේ නම් මෙම චෝදනා පිළිගන්නා බව මහබැංකු ඉහළ කළමනාකාරීත්වය සලකන බවත්ය.
වෘත්තීය සමිති යැවූ ලිපිය


මහබැංකුවේ පිළිතුරු ලිපිය











