මහමැතිවරණය ලබන ජුනි මස දෙවැනි සතියේ හෝ තුන්වැනි සතියේ පැවැත්වීමට තමන් සැලසුම් කරමින් සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කොට ඇති බව වාර්තා වේ.
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සහ දිසාපතිවරුන් සමග අද (20) කොළඹදී පැවැති හමුවකදී මහින්ද දේශප්‍රිය මහතා මේ බව අනාවරණය කොට ඇත.
මෙම හමුව සදහා සියලුම දිසාපතිවරුන්ට ආරාධනා කොට ඇති අතර මැතිවරණය පැවැත්වීමේ හැකියාව පිළිබද කොමිසම ඔවුන්ගෙන් කරුණු විමසා ඇති බව දැනගන්නට තිබේ.
මෙහිදී බහුතරයක් දිසාපතිවරුන් දැනට පවතින තත්ත්වය යටතේ මැතිවරණය පැවැත්වීමේ අපහසුතාව පිළිබද කොමිසම දැනුවත් කර ඇති බව පැවසේ.
නමුත් ප්‍රජාතන්තුවාදය වෙනුවෙන් ජන්දය පැවැත්වීමද අත්‍යවශ්‍ය නිසා වත්මන් අසීරු තත්ත්වය පහව යාමෙන් පසුව මැතිවරණය පැවැත්වීමේ හැකියාව ඔවුන් පෙන්වා දී ඇති බවද දැනගන්නට ඇත.
ඒ අනුව මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණය ජුනි දෙවැනි සතියේ හෝ තුන්වැනි සතියේ පැවැත්වීමට තමන් අදහස් කරගෙන සිටින බව ප්‍රකාශයට පත් කොට තිබේ.
එසේ වුවහොත් බොහෝදුරට මහමැතිවරණය ජුනි 13 හෝ ජුනි 20 පැවැත්වෙනු ඇති බව දැනගන්නට තිබේ.










