• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මයන්තව ආණ්ඩුවට ගන්න ජොන්ස්ටනුයි-වජිරයි තිරය පිටුපස ගහපු ගේම! මෙහෙයුම පටන්ගත්තේ රාජාසන කතාව තිබ්බ දවසේ! කතානායකත් වැඩේට හවුල්ද? සජිත් යාපනයේ ඉඳන් කතා කරාම යන්නෙ නෑම කියයි! (රාජ්‍ය රහස්)

February 27, 2023
in Exclusive, Rajya Rahas
Reading Time: 10 mins read
A A
මයන්තව ආණ්ඩුවට ගන්න ජොන්ස්ටනුයි-වජිරයි තිරය පිටුපස ගහපු ගේම! මෙහෙයුම පටන්ගත්තේ රාජාසන කතාව තිබ්බ දවසේ!  කතානායකත් වැඩේට හවුල්ද? සජිත් යාපනයේ ඉඳන් කතා කරාම යන්නෙ නෑම කියයි! (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

පසුගිය සතියේ ආණ්ඩුවත් විපක්ෂයත් අතර බරපතළ උණුසුමක් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධුරය මුල් කරගෙන මතුවිය. මීට පෙර එහි සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ විපක්ෂය නියෝජනය කරමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාය. නමුත් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සැසිය අවසන් කිරීමට තීන්දු කිරීමත් සමග සියලු කාරකසභා අහෝසි වී ගිය නමුත් ස්ථාවර නියෝගවලට අනුව මුදල් කාරකසභාවේ සභාපති ධුරය විපක්ෂයටම ලබාදීමයට ආණ්ඩුවට සිදුව තිබිණ. ඒ අනුව විපක්ෂය යළිත් එහි සභාපති ධුරයට යෝජනා කළේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නමය. පාර්ලිමේන්තුවේ කෝප්, කෝපා කමිටුවල මෙන් නොව, මුදල් කාරකසභාවේ සභාපති ධුරය තෝරාගනු ලබන්නේ පාර්ලිමේන්තු තේරීම් කාරකසභාව මගිනි. එහිදී නම් එකකට වඩා යොමුවුවහොත් ඡන්ද විමසීමක් නොපැවැත්වෙන අතර, බහුතර එකඟතාවෙන් යුතුව මෙම පත්කිරීම සිදුකරනු ලබයි. මේ බව කතානායකවරයා විසින් අවසානයේදී පාර්ලිමේන්තුවට දැනුම් දීමක් කරනු ලබයි.

ආණ්ඩුවෙන් මුලින්ම චම්පිකගේ නම කියයි!

කෙසේ වෙතත් විපක්ෂයෙන් මුදල් කමිටුවේ සභාපති ධුරයට හර්ෂගේ නම යෝජනා කෙරුණද ප්‍රශ්නය පැනනැගුනේ ආණ්ඩු පක්ෂයද විපක්ෂ මන්ත්‍රීවරයකුගේ නම ඊට යෝජනා කිරීමට සූදානමින් සිටින බවට පසුගිය බදාදා දිනයේදී විපක්ෂයට තොරතුරු ලැබීමත් සමගය. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර පැවැති සාකච්ඡාවලදී එක් මන්ත්‍රීවරයකු කියා සිටියේ ආණ්ඩුව චම්පික රණවක මහතාගේ නමද ඊට යෝජනා කිරීමේ සූදානමකින් පසුවනවා යැයි කියාය. නමුත් එය රාවයක් පමණක් වීම නිසා විපක්ෂය එය එතරම් ගණනකට නොගත් බවක් දැකගන්නට ලැබිණි. එසේ වුවත් සභාපතිවරයා තෝරාගැනීමට පැවැති පළමු සාකච්ඡාවේදී ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායකවරයා වන ප්‍රසන්න රණතුංග මහතා විසින් හිටිහැටියේම චම්පික රණවක මහතාගේ නම නිල වශයෙන් සභාපති ධුරයට යෝජනා කිරීමත් සමග සියල්ලන්ම පුදුමයට පත්වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. මේ සම්බන්ධයෙන් හර්ෂ වහාම කිරිඇල්ලගෙන් විමසා සිටිද්දී ඔහුද කියා සිටියේ තමන්ද එම කතාවේ ඇත්ත නැත්ත කුමක්ද යන්න නොදන්නා බවත්, ආණ්ඩුව විසින් චම්පිකගේ නම යෝජනා කොට ඇති බවත්ය.

හර්ෂ චම්පිකට කතා කරයි!

ඒ අනුව හර්ෂ කළේ වහාම චම්පිකට කතාකොට මේ සම්බන්ධයෙන් ඇත්ත නැත්ත විමසා බැලීමය.

‘මුදල් කාරකසභාවේ සභාපති ධුරයට විපක්ෂයෙන් මගේ නම යෝජනා කරලා තියෙන්නේ. හැබැයි දැන් ඔබතුමාගේ නම ආණ්ඩුව පැත්තෙන් යෝජනා කරලා තියෙනවා. ඒකට ඔබතුමාගේ කැමැත්තක් තියෙනවද?’ යනුවෙන් හර්ෂ විමසා සිටිද්දී චම්පික පිළිතුරු දෙමින් කියා සිටියේ තමන් එම තනතුර භාරගැනීමට සූදානම් නැති බවත්, මුදල් කමිටුවේ සභාපති ධුරය හර්ෂ ද සිල්වා විසින් දරනු ලබන්නේ නම් ඊට අකැමැත්තක් නැති බවත්ය. ඒ අනුව හර්ෂ වහාම මේ බව කිරිඇල්ලට දැනුම් දීමට පියවර ගත්තේය.

මිනිට්ස් ආයෙත් අතුරුදන්ද?

කෙසේ වෙතත් මෙය තවත් බරපතළ අර්බුදයක් බවට පත්වූයේ හර්ෂගේ නම මුදල් කමිටු සභාපති ධුරයට යෝජනා කොට තහවුරු කර තිබියදීත් එය පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය මගින් ප්‍රකාශයට පත් නොකිරීමට පියවර ගැනීමත් සමගය. ඒ අනුව කලබලයට පත්වූ හර්ෂත්, කිරිඇල්ලත් වහාම පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකයට කතාකොට එම නම ප්‍රකාශයට පත් නොකළේ ඇයිදැයි විමසද්දී ඔවුන්ගේ පිළිතුර වි තිබුණේ එය පාර්ලිමේන්තු සටහන්වල (මිනිට්ස්) නොතිබීම හේතුවෙන් ප්‍රකාශයට පත් නොකළා යැයි කියාය. නමුත් ඊට විරෝධය පළකළ කිරිඇල්ල කියා සිටියේ හර්ෂ එම තනතුරට පත්කළ බවට වූ ලිඛිත සටහන් පැවැතිය යුතු බවත්, එය නොමැති නම් පාර්ලිමේන්තු සටහන් සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් මතුවන බවත්ය.

මන්ද මීට පෙර ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සටහන්වල නිසි ලෙස කරුණු සටහන්ව නොතිබීම හේතුවෙන් බරපතළ තත්ත්වයක් මතුවූ බව මෙම තීරය ඔස්සේම මීට සති 03කට ඉහතදී අපි අනාවරණ කළෙමු. එහිදී සිදුව තිබුණේ මැතිවරණ කොමිසම සඳහා නව සාමාජිකයන් පත්කිරීමට ආණ්ඩුව ගෙන තිබූ තීන්දුවට විරෝධය පළකරමින් විපක්ෂ නායකවරයා විසින් සඳහන් කළ කරුණු කිසිවක් පාර්ලිමේන්තු සටහන්වල දක්වා නොතිබීමට කිසියම් පිරිසක් පියවර ගෙන තිබීමය. ඒ අනුව එදිනද විපක්ෂ නායකවරයා මෙ සම්බන්ධයෙන් කතානායකවරයාටත්, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාටත් සිය දැඩි විරෝධය පළකළ ආකාරය එහිදී අපි අනාවරණ කර සිටියෙමු. එහිදී සිදුව ඇති වැරැද්ද පිළිබඳ පාර්ලිමේන්තු මහලේකම්වරයා කනගාටුව ප්‍රකාශ කළ ආකාරයද අපි වාර්තා කළෙමු.

කෙසේ වෙතත් කිරිඇල්ල මෙම මිනිට්ස් පිළිබඳ නැවතත් පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් විමසද්දී ඔහුද කියා සිටියේ හර්ෂ ද සිල්වා පත්කිරීම සම්බන්ධයෙන් වූ තොරතුර මිනිට්ස්වල අන්තර්ගතව තිබිය යුතු බවකි. එසේ නම් එය නොමැත්තේ මන්දැයි කිරිඇල්ල ප්‍රශ්න කරද්දී යළිත් මහලේකම්වරයා කියා සිටියේ තමන් මේ සම්බන්ධයෙන් කතානායකවරයා සමග සාකච්ඡා කොට පිළිතුරක් ලබාදෙන්නම් යැයි කියාය.

ආණ්ඩුව අලුත් නම හංගයි!

ඒ අනුව බදාදා පැවැති පාර්ලිමේන්තු රැස්වීමේදී මේ සම්බන්ධයෙන් යළිත් වතාවක් විපක්ෂය ප්‍රශ්න කරද්දී ප්‍රසන්න චම්පිකගේ නම නොකියා කියා සිටියේ ඊට විපක්ෂයේ නියෝජිතයකු නම්කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා යැයි කියාය. එහිදී හර්ෂ පමණක් නොව විමල්ද නැගිට ප්‍රසන්නගෙන් ප්‍රශ්න කර සිටියේ එම විපක්ෂ මන්ත්‍රීවරයාගේ නම සඳහන් කරන්නැයි කියාය. නමුත් ප්‍රසන්න කිසිදු අවස්ථාවකදීවත් ආණ්ඩුවෙන් නම්කරන්නට යන විපක්ෂ මන්ත්‍රීවරයාගේ නම හෙළිදරව් කිරීමට කටයුතු කළේ නැත. එමෙන්ම චම්පිකද කොයිම අවස්ථාවකදී හෝ තමන් එම තනතුර භාරගන්නා බවක් හෝ භාර නොගන්නා බවක් හෝ සඳහන් කර තිබුණේද නැත.

විපක්ෂය මිනිට්ස් ගෙන්වා ගනී!

කෙසේ වෙතත් පසුව තේරීම් කාරකසභාවේ මිනිට්ස් සියල්ල ගෙන්වාගෙන විපක්ෂය එදින කතාවූ සියල්ල එහි සටහන්ව තිබේද යන්න පිළිබඳ විමර්ශනයක් කිරීමට පියවර ගත්තේය. එහිදීද ඔවුන්ට දැකගන්නට ලැබුණේ පැහැදිලි ලෙසම හර්ෂගේ නම මුදල් කමිටුවේ සභාපති ධුරයට නම්කොට ඇති බවට වූ මිනිට්ස් එහි ඇතුළත්ව ඇති බවය. එසේ නම් හර්ෂගේ නම පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය විසින් ප්‍රකාශයට පත් නොකිරීම පසුපස කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් හොල්මන් කර ආකාරයක් විපක්ෂයට තහවුරු වී තිබිණි. ඒ බව එළියට පැන්නේ බ්‍රහස්පතින්දා දිනයේ පැවැති දෙවන කාරකසභා රැස්වීමේදීය. එහිදී යළිත් විපක්ෂය සභාපති ධුරයට හර්ෂගේ නම යෝජනා කළද, ආණ්ඩු පක්ෂය දැඩිව ඊට විරෝධය පළකරමින් කියා සිටියේ කිසිසේත්ම හර්ෂට එම තනතුර ලබාදිය නොහැකි යැයි කියාය. ඒ වෙනුවට විපක්ෂයේ වෙනත් මන්ත්‍රීවරයකුගේ නමක් යෝජනා කිරීමට ආණ්ඩුව සූදානම් බවද එහිදී සඳහන් විය. ඒ අනුව සියල්ලන්ම පුදුමයට පත්කරමින් ආණ්ඩුව නැවත වතාවක් හර්ෂගේ නම වෙනුවට මුදල් කමිටුවේ සභාපති ධුරයට විපක්ෂ මන්ත්‍රීවරයකුගේ නමක් යෝජනා කිරීමට පියවර ගත්තේය. ඔහු වෙන කවුරුවත් නොව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ මයන්ත දිසානායක මහතාය. ඒ සමගම විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් එකිනෙකාගේ මුහුණු දෙස බලාගත්තේ මයන්ත දිසානායක කිසිම අවස්ථාවකදී හෝ මේ සම්බන්ධයෙන් මොනයම් හෝ දැනුවත් කිරීමක් පක්ෂයට සිදුකොට නොතිබීම නිසාය. ඒ අනුව කිරිඇල්ල ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් ඊට විරෝධය පළකරද්දී කතානායකවරයා කියා සිටියේ මයන්තද ඊට සිය කැමැත්ත ලබාදී ඇති බැවින් මුදල් කමිටුවේ සභාපති ධුරය ඔහුට ලබාදීමට තීරණය කර ඇතැයි කියාය.

ගේම පටන් ගත්තේ පාර්ලිමේන්තුවේ රාජාසන කතාව දවසේ!

ඒ අනුව ඇත්තටම සිදුව තිබුණේ කුමක්ද? මයන්ත ආණ්ඩුව සමග මෙම කටයුත්තට සම්බන්ධ වූයේ කෙසේද? අපිද මේ පිළිබඳ පසුගිය සතියේ විශේෂ සොයාබැලීමක නිරත වීමට කටයුතු කළෙමු. එහිදී අපට මයන්තව ආණ්ඩුවේ සැලසුමට ගොනු කරගත් ආකාරය ඉස්පිල්ලක්, පාපිල්ලක් නෑර සොයාගැනීමට හැකි විය. ඒ අනුව මෙම මෙහෙයුම ආරම්භ වී ඇත්තේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වාර අවසාන කොට යළි ආරම්භ කරනු ලැබූ ඉකුත් 08 වැනිදාය. ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපයට එරෙහිව එදින පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට විපක්ෂය තීන්දු කර තිබූ බැවින් එදින පාර්ලිමේන්තුවේ සිටියේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පමණි. විපක්ෂයේ මන්ත්‍රීවරුන් නොමැති වීම නිසා ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අගමැති දිනේෂ්ගේ ප්‍රධානත්වයෙන් එදින කමිටු ශාලා අංක දෙකේ පැවැත්විණි. ඊට ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග, වජිර අබේවර්ධන ඇතුළු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු රැසක්ද සහභාගි වී සිටියහ. මෙහිදී විවිධ කරුණු කතාබහ කරමින් සිටින අතරතුරදී නව පාර්ලිමේන්තුවේ කමිටු සඳහා පත් කරගත යුතු මන්ත්‍රීවරුන්ගේ නම් පිළිබඳවද විශේෂ සාකච්ඡාවක් සිදුවිය. මෙහිදී මන්ත්‍රීවරුන් අදාළ කමිටු සඳහා විවිධ මන්ත්‍රීවරුන්ගේ නම් යෝජනා කරද්දී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා දැඩිව කියා සිටියේ මෙම පාර්ලිමේන්තු කමිටුවල පාලනය ආණ්ඩු පක්ෂය විසින් දැරිය යුතු බවත්, ප්‍රජාතන්ත්‍රවාදය යැයි කියමින් වැදගත් තනතුරු විපක්ෂයට දෙමින් කටයුතු කිරීමට ගියහොත් ආණ්ඩු කිරීමට නොහැකි වනු ඇති බවත්ය. ඒ අනුව සියලු කමිටුවල සභාපති ධුරයන් ආණ්ඩු පක්ෂය වෙත තබාගත යුතු බව ජොන්ස්ටන්ගේ මතය විය. යම් හෙයකින් විපක්ෂය ඊට විරෝධය පළකළහොත් ස්ථාවර නියෝග අත්හිටුවා හෝ එම කමිටුවල සභාපති ධුරයන් ආණ්ඩුව වෙත ලබාගත යුතු බව ජොන්ස්ටන් සියල්ලන්ටම පෙන්වා දුන්නේය.

දිනේෂ් – සුසිල් විරුද්ධ වෙයි!

ජොනීගේ මේ කතාව බොහොමයක් මන්ත්‍රීවරුන් අනුමත කළද අගමැති දිනේෂුත්, සභානායක සුසිල් ප්‍රේමජයන්තත් ඊට සිය දැඩි විරෝධය පළකළ ආකාරයක් දැකගත හැකි විය. ඉකුත් වතාවේ ස්ථාවර නියෝග අත්හිටුවා කතානායක කටයුතු කළ ආකාරය ගැන ජාත්‍යන්තරය හමුවේ පවා ආණ්ඩුවට බරපතළ ගැටලුවලට මුහුණ දීමට සිදුවූ බව මෙහිදී දිනේෂුත් සුසිලුත්, ජොනී ඇතුළු පිරිසට කියා සිටියහ. එම නිසා කෙසේවත් ස්ථාවර නියෝග අත්හිටුවා කටයුතු නොකළ යුතු බව දිනේෂ්ගේත්, සුසිල්ගේත් මතය විය. නමුත් දිනේෂ් සහ සුසිල් මේ ආකාරයට අදහස් පළ කළත් ජොනීගේ නම් දැඩි ස්ථාවරය වී තිබුණේ කෙසේ හෝ මෙම සියලු කමිටුවල සභාපති ධුරයන් ආණ්ඩු පක්ෂයට ලබාගත යුතු යැයි කියාය. එවිට ජොනී කියා සිටියේ එසේ නම් විපක්ෂය ආණ්ඩුවේ මුදල් කාරකසභාවට නැවත වතාවක් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම යෝජනා කිරීමට නියමිත බැවින් ආණ්ඩුවට හිතවත් විපක්ෂයේ අයකු ඊට පත්කරගත යුතු යැයි කියාය. එවිට නම් කිහිපයක් යෝජනා වෙද්දී ජොනී සහ වජිර කියා සිටියේ ඊට සුදුසුම පුද්ගලයා මයන්ත දිසානායක යැයි කියාය. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම ඇතුළේ වාද විවාද යද්දී ජොනී කළේ හීන්සීරුවේ රැස්වීමෙන් නැගිට පිටතට පැමිණීමය. එසේ පැමිණි ජොනී වහාම ජනාධිපතිවරයාගේ උපදේශකවරයකු වූ මහාචාර්ය ආශු මාරසිංහ හට දුරකතන ඇමතුමක් ලබාදීමට පියවර ගත්තේය.

ආශුත් වැඩේට සෙට් වෙයි!

‘මේක මෙහෙම කරන්න බෑ ආශු. මේ අය ජනාධිපතිතුමාට ඕනෙ දේ නෙවෙයි කරන්නේ. මම කිව්වහම පාර්ලිමේන්තුවේ ඔක්කොම කමිටුවල බලය ආණ්ඩුවට ගන්න ඕනෙ කියලා මෙතැන ඉන්න අය වෙන වෙන දේවල් කියනවා…’ යනුවෙන් ජොනී ආශුට කියද්දී ඒ වන විට පාර්ලිමේන්තුවේ ඉහළ මහලේ සිටි ආශු වහාම කඩාගෙන බිඳගෙන කමිටු රැස්වීම පැවැති ශාලාව වෙත පැමිණිමට පියවර ගත්තේය. ඒ අනුව ජොනී එහිදීද ආශුට කියා සිටියේ මුදල් කාරකසභාවට මයන්ත පත්කොට එහි පාලනය ආණ්ඩුව යටතට ගැනීමට පියවර ගතයුතු යැයි කියාය.

මයන්ත‌ගේ ඉතිහාසය!

ඒ අනුව පිරිස මයන්තව මුදල් කාරකසභාවේ සභාපති ධුරයට පත්කිරීමේ මෙහෙයුම එතැන් සිට ආරම්භ කළේය. ඉහළින් පැමිණි පණිවුඩයකින්ද මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී තිබුණේ මයන්ත ඊට සුදුසු යැයි කියාය. මෙසේ මයන්තව එම තනතුරට තෝරාගැනීම සඳහාද විශේෂ හේතුවක් විය. ඒ, පසුගිය කාලය පුරාම මයන්ත එක තැනක නොසිට නායකවරුන් සහ පක්ෂ කිහිපයක් යටතේ කටයුතු කොට තිබීමය. කවුරුත් දන්නා පරිදි මයන්ත යනු එජාපයේ සිටි ජ්‍යෙෂ්ඨතමයකු වූ ගාමිණී දිසානායක මහතාගේ දෙවැනි පුත්‍රයාය. ඒ අනුව එජාපයෙන් සිය දේශපාලන ගමන ආරම්භ කළ මයන්ත, පසුව සිය සහෝදර නවීන් දිසානායකගේ මාමණ්ඩිය වූ කරු ජයසූරිය මහතා සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෑත ශක්තිමත් කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව සමග එක්විය. එකල මයන්ත, මහින්දගෙන් තනතුර භාරගන්නා ඡායාරූපයට මාධ්‍යවල විශේෂ තැනක් හිමිවිය. ඒ, මයන්ත, මහින්දට දණගසා වැඳ එම පත්වීමේ ලිපිය ලබාගැනීමට කටයුතු කර තිබීම නිසාය.

පසුව නැවතත් එක්සත් ජාතික පක්ෂය සමග එක්ව දේශපාලනය කළ මයන්ත අවසානයේදී නැවතුණේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ළඟය. සජිත්ද මයන්තව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රැගෙන ආවා පමණක් නොව, පක්ෂයේ තරුණ සංවිධානය මෙහෙයවීමද ඔහුට භාරදීමට පියවර ගත්තේය. ඒ කොයි හැටි වෙතත් අවසානයේදී ජොනී සහ වජිර දියත් කළ මෙහෙයුම සාර්ථක කරමින් මයන්ත එම තනතුර භාරගැනීමට තීන්දු කළේය.

උදේම රහස සජිත්ටත් කිරිඇල්ලටත් යයි!

කෙසේවෙතත් මේ සිදුවීම ඉතා රහසක් ලෙස පැවතියද බ්‍රහස්පතින්දා දිනයේදී එක්තරා සුවිශේෂ පුද්ගලයකුට ලැබුණු අතිශය විශ්වාසදායක තොරතුරකින් කියැවුණේ ආණ්ඩුව එදින උදෑසන මුදල් කාරකසභාවේ සභාපති ධුරය සඳහා මයන්ත දිසානායකගේ නම යෝජනා කිරීමට සැලසුම් කර ඇතැයි කියාය. ඒ අනුව මෙම සුවිශේෂ පුද්ගලයා එම තොරතුර වහාම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාටත්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාටත් දැනුම් දීමට පියවර ගත්තේය. ඒ වන තෙක්ම ඔවුන් මේ සම්බන්ධයෙන් කිසිවක් දැන නොසිටි අතර, තොරතුරු දැනුම් දීමෙන් පසුවද එය එතරම් විශ්වාස කළ නොහැකි එකක් නිසා ඒ පසුපස පැන්නීමටද ඔවුන් කටයුතු කළේ නැත.

මයන්තගේ නම ආණ්ඩුවෙන් එළියට!

කෙසේ වෙතත් තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වූයේ දෙවැනි වතාවටත් පාර්ලිමේන්තු කාරකසභාව රැස්ව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කටයුතු කිරීමත් සමගය. එහිදීද විපක්ෂය හර්ෂගේ නම යෝජනා කරද්දී සියල්ලන්ම පුදුමයට පත්කරමින් ආණ්ඩු පක්ෂය මයන්තගේ නම යෝජනා කිරීමත් සමග විපක්ෂ නියෝජිතයන්ගේ ඇස් නළලට යන ආකාරයක් දැකගන්නට ලැබිණි. මෙහිදී විපක්ෂය ඊට දැඩි විරෝධය පළකරමින් කියා සිටියේ මෙය සම්පූර්ණයෙන්ම විකෘති තත්ත්වයක් බවත්, ස්ථාවර නියෝග අනුව එම තනතුරට පත්කළ යුත්තේ විපක්ෂයේ බහුතර එකඟතාව ඇති නියෝජිතයා මිස, ආණ්ඩුවේ එකඟතාව ඇති විපක්ෂ නියෝජිතයා නොවන බවත්ය.

කෙසේ වෙතත් මෙහිදී වහාම ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා මයන්තට දුරකතන ඇමතුමක් ලබාදෙමින් මෙම කතාවේ ඇත්ත නැත්ත විමසා දුරකතනය කිරිඇල්ලට ලබාදීමට පියවර ගත්තේය. කතාව ඇත්ත බව වටහාගත් කිරිඇල්ල මයන්තට කියා සිටියේ වහාම එම තනතුරෙන් ඉල්ලා අස්වීමට පියවර ගන්නා ලෙසය.

කිරිඇල්ලගෙන් කුණු බැණුම්!

‘මේක දේශපාලන වශයෙන් හරි ජරා වැඩක්. පක්ෂයක් විදියට අපි තීන්දුවක් ගත්තා මේ තනතුරට හර්ෂ ද සිල්වා පත්කරන්න. එහෙම තියෙද්දී ඔයා අපිටවත් නොකියා ආණ්ඩුවත් එක්ක එකතු වෙලා මේ තනතුර භාරගත්ත එක සම්පූර්ණ වැරැදියි. ඒ හින්දා මේ නම වහාම ඔයා ඉවත් කරගන්න. අනෙක ඔයා එක පාරකුත් එහෙට මෙහෙට ගිහිල්ලා නම කැත කරගෙනයි තියෙන්නේ. අඩු තරමේ දැන්වත් වැදගත් විදියට වැඩ කරන්න….’ යනුවෙන් කිරිඇල්ල දැඩිව මයන්තට කියද්දී මයන්තද කිරිඇල්ල දුන් උපදෙස කනකට නොගෙන තමන් එම තනතුර භාරගන්නා බවට පිළිතුරු දුන්නේය.

සජිත් යාපනයේ ඉදන් මයන්තට කතා කරයි!

මේ ආකාරයට මයන්ත ආණ්ඩුවත් සමග එක්ව ආණ්ඩුව ලබාදුන් තනතුරක් භාරගනිද්දී සජිත් සිටියේ උතුරේ දේශපාලන රැස්වීම් අමතමිනි. ඒ අනුව සජිත්ටද සිද්ධිය තහවුරු වීමත් සමග සජිත්ද කළේ මයන්තට කතාකොට මෙවැන්නක් සිදු නොකරන ලෙස ඔහුට දැනුම්දී සිටිමය.

‘මෙහෙම කරන්න එපා මල්ලි. මම ඔයාව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට අරන් ඇවිල්ලා පක්ෂයේ තරුණ සංවිධානය භාරදුන්නේ ලොකු ගමනක් යන්න. ඒ හින්දා ඔය කරන වැඩේ වහාම නවත්තන්න. ඔය තනතුරෙන් වහාම ඉල්ලා අස්වෙන්න…’ යනුවෙන් සජිත් කියද්දී මයන්ත එම තනතුර භාරගැනීමට හේතු වූ කාරණාද සජිත්ට දැනුම් දී සිටියේය.

කතානායක කතා කළාද?

‘මේක මම භාරගත්ත එකක් නෙවෙයි. කතානායකතුමා මට කතා කරලා කිව්වා මුදල් කාරකසභාවේ සභාපති ධුරය ගැන ප්‍රශ්නයක් තියෙනවා, ඒ ප්‍රශ්නෙ විසඳගන්න නම් ඔයා මේ තනතුර භාරගන්න කියලා. ඒකයි මම මේ තනතුර භාරගත්තේ. හැබැයි මටත් තේරෙනවා මේක අවුල් කියලා. ඒ හින්දා මම මේකෙන් අයින් වෙන්නම්…’ යනුවෙන් එහිදී මයන්ත සජිත්ට දැනුම් දී සිටියේය.

ඒ අනුව සජිත් මයන්ත ඉල්ලා අස්වනු ඇති බව සිතා සිටියත් සිදුව තිබුණේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. බ්‍රහස්පතින්දා සවස මුදල් කාරකසභාවේ පළමු රැස්වීම පැවැති අතර, ඉල්ලා අස්වන බව කී මයන්ත සියල්ලන්ම පුදුමයට පත්කරමින් එම කමිටුවට ගොස් සභාපති පුටුවේ අසුන්ගැනීමට පියවර ගැනීම එම සිදුවීමය.

සජබය මයන්තව ගණන් නොගනී!

කෙසේ වෙතත් මෙම සිදුවීම් පෙළ මෙසේ සිදුවෙද්දී සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායමද පාර්ලිමේන්තුව ඇතුළේ රැස්වී මේ සම්බන්ධයෙන් නිල නොවන සාකච්ඡාවක නිරත වූහ. එහිදී සියලු දෙනාම එක හඬින් කියා සිටියේ පක්ෂයේ තීන්දුවට පිටින් ගොස් මයන්ත ආණ්ඩුවේ වුවමනාවට අනුව මුදල් කාරකසභාවේ සභාපති ධුරය භාරගතහොත් එම සියලු රැස්වීම් වර්ජනය කිරීමට කටයුතු කළ යුතු යැයි කියාය. ඒ ගත් තීන්දුවට අනුව මයන්ත මුදල් කමිටුවේ සභාපති අසුනේ වාඩිවෙද්දී සමගි ජන බලවේගයේ කිසිදු මන්ත්‍රීවරයකු ඊට සහභාගි වී නොසිටීම විශේෂ සිදුවීමක් විය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට අමතරව එහි අසුන්ගෙන සිටියේ මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් රවුෆ් හකීමුත්, චම්පික රණවකත්, චන්දිම වීරක්කොඩිත් පමණි. එහිදි මහත් බලාපොරොත්තු සහිතව සභාපති පුටුවේ මයන්ත අසුන්ගත්තද විපක්ෂ මන්ත්‍රීවරුන් කිසිවකු එහි නොසිටි බව දුටු මයන්තට වැඩේ අවුල් බව වැටහී යෑමට මොහොතක් ගතවූයේ නැත. ඒ අනුව අවුල්සහගත මුහුණෙන් යුතුව මයන්ත රැස්වීමේ අසුන්ගෙන සිටිනු දුටු ජොනීත්, මහින්දානන්දත් නැගිට මයන්තව ඉහළට ඔසවා තබමින් අදහස් පළකළ ආකාරයක් දැකගත හැකි විය.

ජොනී-මහින්දානන්ද මයන්තව මුරුංගා ගහට නග්ගයි!

‘ඔයා තමයි මේක කරන්න ඉන්න එකම සුදුස්සා. මොකද ඔයා ගාමිණී දිසානායකගේ පුතෙක්. ගාමිණී දිසානායක කියන්නේ මේ රටේ පොදු ජනතාවගේ හදවත්වල ඉන්න නායකයෙක්. අනෙක ඔයාට ඉංග්‍රීසි භාෂාවත් තේරෙනවා. ඒ නිසා මේ තනතුර කරන්න ඉන්න හොඳම කෙනා එයා තමයි…’ යනුවෙන් ජොනීත්, මහින්දානන්දත් මයන්තව ඔසවා තබද්දී අනෙක් සියලු දෙනාම නිහඬව සිටි ආකාරයක් දැකගත හැකි විය.

සජිත් චන්දිමගේ ෆෝන් එකෙන් එයි!

කෙසේ වෙතත් මොහොතක් යෑමට මත්තෙන් තමන්ට දුන් පොරොන්දුව කඩකොට මයන්ත මුදල් කාරකසභාවේ සභාපති පුටුවේ අසුන්ගෙන සිටින බවක් සජිත්ටද වාර්තා විය. ඒ අනුව සජිත් කළේ රැස්වීම නිමවූ වහා චන්දිම වීරක්කොඩිගේ දුරකතනයට ඇමතුමක් ලබාදීමය. එසේ කතා කළ සජිත් දුරකතනය මයන්තට දෙන ලෙස චන්දිමට දැනුම් දී සිටියේය. ඒ අනුව මයන්තට කතා කළ සජිත් නැවතත් කියා සිටියේ මෙවැන්නක් නොකරන ලෙසත්, වහාම ඉල්ලා අස්වී සජබය සමග ඉදිරි ගමනක් යෑමට කටයුතු කරන ලෙසත්ය.

වචනය තියලා නෑ!

‘ඔව් මටත් තේරෙනවා මේක මට කරන්න බෑ කියලා. මොකද අද රැස්වීමේදී අපේ පක්ෂයේ කවුරුත් හිටියේ නෑ. පක්ෂයේ අය තරහා කරගෙන මට මේක කරන්න බැහැ. මම මේකෙන් අයින් වෙන්නම්…’ යනුවෙන් මයන්ත සජිත්ට කියා සිටියද සිකුරාදා සවස් වන තුරුත් සභාපති තනතුරෙන් ඉවත් වීමට මයන්ත පියවර ගෙන තිබුණේ නැත.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

ඉන්දියාවෙන් එන පළමු බිත්තර තොගය හෙට ලංකාවට! දීපු උපදෙස් මතකනේ! බිත්තර අල්ලන්නෙ ග්ලවුස් දාගෙන! බිත්තර කට්ට තැන්තැන්වල දාන්න බෑ! එක්කො විනාශ කරන්න! නැත්නම් වළලන්න!

Next Post

රනිල් ඡන්දය කල් දාන්න හදන ඇත්තම හේතුව මහින්ද කියයි! තිබ්බා නම් ආණ්ඩුව පරදිනවා! රනිල් 13 දෙන්න හදන එකටත් විරුද්ධ වෙයි! VIDEO

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.