රුපියල් දහසේ විදුලි බිල මේ වනවිට රුපියල් 4000ක් වී ඇති බවත්, මෙවැනි වැරදි තීරණ ගත් අයට පසුතැවෙන්න වනු ඇති බවත්, ගනුදෙනුව බේරගන්න තමන් පැමිණි වහා කටයුතු කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
ඔස්ට්‍රලියාවේ සිට විශේෂ අනාවරණයක් සිදු කරමින් ඒ මහතා කියා සිටියේ කොමිසමේ සාමාජිකයන්ටත් ඇත්ත නොතේරෙන බවත්, ඔවුන් දේශපාලන බලපෑමට යටවී මෙම තීන්දුව ගෙන ඇති බවත්ය.
මේ අතර ආණ්ඩුව විසින් මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශ බැහැරකරමින් සහ එහි සාමාජිකයින්ට විවිධ බලපෑම් සිදුකරමින් ගෙන යන ජනතා පීඩක ක්‍රියාකාරකම්වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට තමන් කටයුතු කරන බවද ඔහු මෙහිදී සඳහන් කර ඇත.










