• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මම රටේ යුතුකම ඉටු කළා! IMF එක ඔවුන්ගේ යුතුකම ඉටු කරාවි! ජනාධිපති අද පාර්ලිමේන්තුවට ඇවිත් කරපු සම්පූර්ණ කතාව මෙන්න! VIDEO

March 7, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
ආයෝජන අවස්ථා ඩිජිටල් කරයි! PHOTO
Share on WhatsAppShare on Facebook

චීනයේ එක්සීම් බැංකුවේ මූල්‍ය සහතික ලිපිය ඊයේ රාත්‍රියේ ලැබීමත් සමඟ තමා සහ මහබැංකු අධිපතිවරයා අත්සන් තැබූ එකඟතා ලිපිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යොමු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඒ අනුව තමන් රටේ යුතුකම මේ වන විට ඉටු කර අවසන් අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද සිය යුතුකම මේ මාසය අවසන් වීමට පෙර ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ආර්ථිකයේ වත්මන් තත්ත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවල ප්‍රගතිය පැහැදිලි කරමින් අද (07) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

දැනට රජය විසින් ගෙන යන මෙම වැඩපිළිවෙළ කඩාකප්පල් කළ හොත් 2022 පෙබරවාරි මාර්තු පැවැති තත්ත්වයටත් වඩා භයානක තැනකට රට තල්ලු විය හැකි බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට සාධනීය විසදුමක් ලෙස IMF ආයතනයේ සහාය ලබා ගැනීමට 2022 මාර්තු මස මැද භාගයේ දී රජය තීරණය කරනු ලැබුවා. පැවැති විදේශ විනිමය අර්බුදය ඉන් අනතුරුව උග්‍රවෙත්ම 2022 අප්‍රේල් මස මැදි භාගයේ දී විදේශ ණය ගෙවීමේ හැකියාවක් නොමැති බැව් ප්‍රකාශ කරනු ලැබුවා.
ශ්‍රී ලංකාව බංකොලොත් ආර්ථිකයක් ලෙස එතැන් පටන් ක්‍රියාත්මක වුණා. එහි අයහපත් ප්‍රතිඵල ඔබ සැම මේ රටේ අත්වින්දා. ඉන්ධන පෝලීම්, ගෑස් පෝලීම්, විදුලිය කප්පාදුව, ආහාර හිඟය, ඖෂධ සපයා ගැනීමේ දුෂ්කරතා, උද්ධමනය, රුපියල කඩා වැටීම, දිළිඳු භාවය වැඩිවීම ආදී ගැටලු රාශියක් 2022 මැද භාගය වන විට මේ රට අත්වින්දා. නූතන ඉතිහාසයේ මෙවැනි ඛේදනීය තත්ත්වයක් ශ්‍රී ලංකාවේ නොතිබූ බව සෑම කෙනෙක්ම පිළිගන්නා සත්‍යයක්.
2022 ජූනි මාසය පමණ සිට පැවැති ආර්ථික ගැටලු ක්‍රම ක්‍රමයෙන් යම් පමණකට නිරවුල් වීමේ උපනතියක් පෙන්නුම් කරනු ලැබුවා. පොහොර ලබා දීම මත, පසුගිය යල සහ මහ කන්නයෙත් හොඳ අස්වැන්නක් අපට ලැබුණා. කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය ද යථා තත්ත්වයට පත් වුණා.

රටේ පැවැති ආර්ථික ගැටලු ක්‍රම ක්‍රමයෙන් විසඳීම පිණිස ස්ථායීකරණ වැඩපිළිවෙළකට අවතීර්ණ වුණා. රජය විසින් ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලැබුවා. ඉන් සමහරක් මෙම ගරු සභාවට මතක් කිරීමට කැමැතියි.
ගෑස් හා ඛනිජ තෙල් සුලභතාවය තහවුරු කිරීම, පාසල් හා විභාග නිසි ලෙස පවත්වාගෙන යාම, අඛණ්ඩව විදුලිය සැපයුම ලබා දීමට කටයුතු කිරීම, පොහොර ලබාදීම, සමෘද්ධිලාභීන්ට අතිරේක වශයෙන් අරමුදල් ලබා දීම. එමෙන්ම, රජයට සිදු වුණා. 2019 කාලයේ ක්‍රියාත්මක කළ බදු ප්‍රතිපත්තිය වෙතම යාමට. 2019 අගදී ක්‍රියාත්මක වූ හදිසි බඳු කපා හැරීමෙන් පසු රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදියෙන් 8%ක තරම් ප්‍රමාණයකට පහත වැටුණා. එය යථා තත්ත්වයට පත් කර ගැනීමට අපට නව බදු ප්‍රතිපත්තිවලට යාමට සිදු වුණා.
ඒ වාගේම, මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්ති යටතේ පොළී අනුපාත ඉහළ දැමීමට සිදුවුණා. දිගින් දිගටම ඉහළ ගිය උද්ධමනය පාලනය කිරීමට අප සතු වූ සාධනීය පියවරක් වුණේ පොලි අනුපාත ඉහළ දැමීමයි. පසුගිය වසරේ සැප්තැම්බර් මස වන විට සාමාන්‍ය උද්ධමනය 70% දක්වා ඉහළ ගියා. ආහාර උද්ධමනය 90% පසු කළා. නමුත් දැන් උද්ධමනය වැඩිවන වේගය 50% දක්වා අඩු වී තිබෙනවා. එසේම, ආහාර උද්ධමනය ද 54% දක්වා අඩු වී තිබෙනවා. ඒ වාගේම, විදේශ විනිමය හිඟතාවය නිසා විනිමය නීති තද කිරීමටත් ආනයනය සීමා කිරීමටත් සිදු වුණා.
අපට විදේශ ණය ගෙවීමට නොහැකි බැව් ප්‍රකාශ වූ වහාම විදේශ රටවල් හා මූල්‍ය ආයතන ශ්‍රී ලංකාවත් සමඟ සිදු කරන මුල්‍ය ගනුදෙනු සීමා කරනු ලැබුවා. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව පවා අලුතින් අරමුදල් සැපයීම නතර කළා. විදේශ ආධාර මත ක්‍රියාත්මක වූ ව්‍යාපෘති සියල්ලම පාහේ නතර කිරීමට සිදු වුණා. ණයවර ලිපියක්වත් විවෘත කර ගැනීමට බැරි වුණා. ණය ශ්‍රේණිගත කරන ආයතන ශ්‍රී ලංකාවට ණය ලබා නොදිය යුතුයි යන ශ්‍රේණිය දක්වා අප රට පහතට ඇද දැමුවා.
මේ තත්ත්වය තුළ අපට විදේශ විනිමය ලැබුණේ
• අපනයන
• විදේශ රැකියා නියුක්තිකයන්ගේ සංක්‍රාම
• සංචාරක ව්‍යාපාරය ආදියෙන්
රටේ හා සමාජයේ පැවැති අහිතකර තත්ත්වය නිසා සංචාරක ව්‍යාපාරය 2022 වර්ෂය පුරාවටම සාර්ථක වුණේ නැත. නමුත් මෙම වසරේ එම තත්ත්වයෙන් හිස ඔසවන ලකුණු පෙනෙන්නට තිබෙනවා. සාමාන්‍ය තත්ත්වය යටතේ පැවැති මට්ටමෙන් 1/3 මට්ටමකට විදේශ විනිමය ප්‍රේෂණ අඩු වුණා. එය ද යළි වැඩිවීමේ උපනතියක් පෙන්නුම් කරනවා. අපනයන ආදායම ද වැඩි කර ගැනීමට උපකාර වන යෙදවුම් ආනයනය කිරීමට අපට දැනටත් අවශ්‍ය තරම් විදේශ විනිමය නැහැ.
IMF සංවිධානය 2021 සිට අප රටේ ආර්ථිකයේ පවත්නා අර්බුදකාරීත්වය විශේෂයෙන් විදේශ විනිමය අර්බුදය ගැන නිරතුරුව අනතුරු ඇඟවීම් කළා. IMF සංවිධානය සමඟ 2022 මැද භාගයේ දී පමණ සිට දිගින් දිගටම සාකච්ඡා කළා.

එම දූත කණ්ඩායම් වරින්වර ශ්‍රී ලංකාවට පැමිණ ගෙවුම් ශේෂ අර්බුදය, රාජ්‍ය මූල්‍ය අර්බුදය මෙන්ම විදේශ විනිමය අර්බුදය පිළිබඳ අප සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එමෙන්ම, දිගින් දිගටම දශක ගණනාවක් තිස්සේ කල්මරමින් ප්‍රමාද කරන ලද ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ තවදුරටත් කල් දැමීමට ඉඩක් නොමැති බව IMF ආයතනය පෙන්වා දුන්නා.
2022 සැප්තැම්බර් මස 01 වන විට අප IMF ආයතනය සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණියා. එසේ වුවත්, IMF ආයතනය කියා සිටියා රටේ ණය තිරසරභාවය අත්කර ගන්නා තුරු එම එකඟතාවය IMF අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කළ නොහැකි බව. එබැවින්, ණය තිරසරභාවය තහවුරු කර ගැනීම පිණිස ශ්‍රී ලංකාවේ ණයකරුවන් සමඟ රජය දිගින් දිගටම සාකච්ඡා කළා. මේ සඳහා Lasads සහ Clifford Chance නම් ජාත්‍යන්තර විශේෂඥ ආයතනවල සහාය ද ලබා ගත්තා. එය දීර්ග හා සංකීර්ණ සාකච්ඡාවක්. ඒ අනුව, ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති පැරිස් සමාජය හා පැරිස් සමාජයට අයත් නොවන ඉන්දියාව හා චීනය සමඟ දිගින් දිගමට මූල්‍යකරණ සහතික ලබා ගැනීමට සාකච්ඡා කරනු ලැබුවා. ඉන්දියාව එම සහතිකය 2023 ජනවාරි 16 ලබා දුන්නා. චීනය එය ජනවාරි 18 දින ලබා දුන්නා. පැරිස් සමාජය ඔවුන්ගේ 2023.01.25 පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකාවට මූල්‍යකරණ සහතිකය ලබා දීමට එකඟ වුණා. ඉන් අනතුරුව මා IMF ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සමඟ IMF ණය ආධාර වැඩසටහන ගැන මාර්තු 02 දින සාකච්ඡා කළා.ඊයේ සවස එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් සමඟත් සාකච්ඡා කළා.
IMF ආයතනය සමඟ සිදු කරන ලද සාකච්ඡාවලදී එහි එකඟතාවය ලබා ගැනීම පිණිස පූර්වගාමීව සිදු කළ යුතු කාර්ය රැසක් ඉටු කිරීමට සිදු වුණා. විදුලි මිල ගණන් සංශෝධනය, ඛණිජ තෙල් මිල ගණන් සංශෝධනය, මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කිරීම, උද්ධමනය පාලනය කිරීමට පොළී අනුපාත ඉහළ දැමීම, රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංස්කරණය, සමාජ ආරක්ෂක ජාලය ශක්තිමත් කිරීම, රාජ්‍ය ආදායම වැඩි කරගැනීමට කටයුතු කිරීම, රාජ්‍ය වියදම් පාලනය කිරීම. ඛනිජ තෙල් හා විදුලිබල ක්ෂේත්‍රයන්හි තරඟකාරීත්වය පුළුල් කිරීම ආදී කාර්යයන් රැසක් පූර්වයෙන් කළ යුතු වුණා. ශ්‍රී ලංකාව පූර්වගාමීව සිදු කළ යුතු එම කාර්යයන් මේ වන විට නිම කොට ඇත.
එසේම මේ රටේ ජනතාවට විඳීමට සිදු වූ අපහසුතා මම දන්නවා. ඒ පිළිබඳ ආණ්ඩුවක් ලෙස අපි සමාව ඉල්ලනවා. අපිට ඊයේ රාත්‍රියේ චීනයේ එක්සීම් බැංකුවේ මූල්‍ය සහතික ලිපිය ලැබුණා. ඒ අනුව එදිනම රාත්‍රියේ මමත්, මහබැංකුවේ අධිපතිතුමත් එකඟතා ලිපිය අත්සන් තබා IMF සංවිධානයට යොමු කළා. දැන් අපේ යුතුකම් ඉටු කර අවසන්. මේ මාසය අවසන් වීමට පෙර, හතරවන සතිය වන විට IMF සංවිධානය සිය යුතුකම ඉටුකරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව අපට ලෝක බැංකුවෙන් සහ ADB වෙතින් පළමු මුදල් වටය ලැබෙනවා.
IMF ආයතනය සමඟ මෙයට පෙර අවස්ථා 16ක දී කටයුතු කළ ආකාරයට නොව මේ අවස්ථාවේ දී එකඟතාවය ලබා ගන්නා සෑම කාර්යක්ම මෙවර නොපිරිහෙලා ඉටු කළයුතු වෙනවා. එසේ නොවී නම් IMF ආයතනය ශ්‍රී ලංකාව සමඟ කටයුතු සිදු කරන්නේ නැහැ. ඒ තත්වය යටතේ බහුපාර්ශවීය හා ද්විපාර්ශ්වීය මූල්‍ය ආයතන අප සමඟ කටයුතු කිරීමට ඉඩ කඩක් ඇති වන්නේ නැහැ. ඒ අනුව, විදේශ ආර්ථික කටයුතු බොහෝ දුරට අඩාල වෙනු ඇත. අප එක් කරුණක් අවධාරණය කළ යුතුය.

දැනට අප විදේශ ණය ගෙවන්නේ නැත. (බහුපාර්ශ්වීය මූල්‍ය ආයතනවලට පමණක් ණය ගෙවීම කෙරෙනවා) IMF ආයතනය සමඟ පවතින එකඟතාවය කඩා දැමුවහොත් විදේශ රටවලින් හා පුද්ගලික බැංකුවලින් (SB ) ලබා ගත් ණය ගෙවීමට සිදු වෙනවා. දළ වශයෙන් 2029 දක්වා වාර්ෂිකව විදේශ ණය බිලියන 6-7 ක් ගෙවීමට තිබෙනවා.
අපට මේ ණය ගෙවීමට විදේශ විනිමය නැහැ. එම නිසා අපට IMF ආයතනය මැදිහත් වී විදේශ ණයකරුවන් සමඟ එකඟ වූ ණය තිරසරභාවය පිළිබඳ කථිකාව දිගින් දිගටම ගෙන යා යුතුය. එයට විකල්ප මාවතක් වර්තමානයේ දක්නට නැත. එබැවින් IMF ආයතනය සහ අප සිදු කරන මෙම එකඟතා අපගේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීමට පවත්නා විශේෂ වැදගත්කමක් සහිත එකඟතාවක් බැව් මතක් කර දීමට කැමැතියි.
අප අතිශය අසීරු ආර්ථීක පියවර රාශියක් ගෙන ආර්ථික ස්ථායීරණය කිරීමට කටයුතු කළා. ආර්ථික වර්ධනය තහවුරු කර ගැනීමට දැන් කටයුතු කරමින් සිටිනවා. සමාජයේ සෑම දෙනකුටම මෙමඟින් ඇති වන පීඩා දිගටම පවතිනවා. මෙවැනි දුෂ්කර හා සංකීර්ණ තත්ත්වයක් මැද අප පසුගිය මාස 7 – 8 ගත කර යම් සාධනීය තත්ත්වයකට රැගෙනවිත් තිබෙනවා. මෙයින් ඉදිරියට යන්නට ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍යයයි. මේ බැව් රටේ සෑම දෙනාම අවබෝධ කරගත යුතුයි. විවිධ බලපෑම් කණ්ඩායම්, දේශපාලන පක්ෂ, ස්වේච්ඡා කණ්ඩායම්, වෘත්තීය සමිති ආදිය මේ ගැන ගැඹුරින් කල්පනා කළ යුතුයි.
බදු බර වැඩි බව වෘත්තිකයන් කියා සිටිනවා. එසේ වුවත් කෙටි කලක් මෙම තත්ත්වය පවත්වා ගෙන යා යුතුයි. එසේ නැතිව මෙම වැඩපිළිවෙල කඩාකප්පල් කළහොත් දැනට 2022 පෙබරවාරි මාර්තු පැවැති තත්ත්වයටත් වඩා භයානක තැනකට රට තල්ලු විය හැකියි . එවකට බොහෝ අය කල්පනා කළා වැටුප් නැති වෙයි, විශ්‍රාම වැටුප නැති වෙයි, රැකියා නැතිවෙයි, කර්මාන්ත වැසී යාවි, පාසැල් හැමදාම වැසිලා තියේවී ආදී වශයෙන්. ඒවා යම් තරමකට අප පාලනය කරගෙන තිබෙනවා. නමුත්, සමාජයේ බලපෑම් කළ හැකි කණ්ඩායම් අප යෝජනා කර ඇති වැඩපිළිවෙල විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ කඩා කප්පල් කළහොත් එයින් මතු වන සමාජ විකල්පය අතිශය භයානක වේවි. මෙතෙක් අප සමාජයේ නොදුටු දුක්බර කාලයක් එයින් මතුවේවි.
ඒ නිසා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි පිළිගන්නවා. ඒ වගේම සාමකාමීව ඒ වැඩකටයුතු කරන්න. රැස්වීම් පැවැත්වීම, උද්ඝෝෂණ පැවැත්වීම ගැටලුවක් නොවෙයි. නමුත් මේ උද්ඝෝෂණ මාර්ගයෙන් මේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරනවා නම් ඒ පිළිබඳව මේ ආණ්ඩුව තදින් ක්‍රියා කරන බව මම කියන්න කැමතියි.
මම එකක් කිව යුතුයි, දැන් ඩොලර් මිල පහත බසිනවා. ජූලි 09 දා මේ රට කඩාවැටුණා නම් අද මේ තත්ත්වය තිබෙන්නේ නැහැ. ඒ අවස්ථාවේ කාගෙවත් සහයෝගයක් තිබුණේ නැහැ. ඒ ගැන ක්‍රියා කළ ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට මම මේ අවස්ථාවේ ස්තූතිය පළ කර සිටිනවා. ඔවුන් ගත් ඒ පියවර නිසා අද අපට ඉන්ධන තිබෙනවා, විදුලි බලය තිබෙනවා. ඒ වගේම වැඩිකල් යන්නට පෙර ඩොලර් තිබෙනවා. ඒ නිසා ඒ බලවේගවලට මේවා බිඳ දමන්න අප ඉඩ තබන්නේ නැහැ.

මම මේ විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා මේ රටේ ආර්ථිකය ගොඩගැනීමේ ගමන යාමට අපිත් සමඟ එකතුවන්න කියා. මෙය ඉටුකරගත් පසු ජනාධිපතිවරණය ද , මහඡන්දය ද කවුද අවශ්‍ය කියලා අපිට ඊළඟ ඡන්දයේදී තීරණය කළ හැකියි. එය මේ රට තීරණය කරයි. ඒ වන තුරු ඔබ සූදානම් ද, නැද්ද කියලයි මම අහන්නේ. ඔබට පුළුවන් මෙය පිළිගැනීමට, ඒ වගේම ඔබට පුළුවන් මෙය ප්‍රතික්ෂේප කිරීමට.
විශේෂයෙන්ම ජුනි මාසයේ මැද වන විට රටේ ආදායම් තත්ත්වය සලකා බැලිය යුතුයි. එතැන සිට තමයි තීරණ ගත හැකි වන්නේ. විශේෂයෙන්ම IMF සංවිධානයේ එකඟතාව ලැබීමෙන් පසු මම එම ගිවිසුම සභාගත කර, යෝජනාවක් ගෙන එනවා, මේ සභාවට එය පිළිගන්න කියලා. ඒක තමන් තීරණය කරන්න, නැත්නම් වෙන විකල්පයක් අපට ලබා දෙන්න.
ඉන් අනතුරුව අපි නව කෙටුම්පතක් ගෙන එනවා ඉදිරි මාර්ගය සහ වැඩසටහන් පිළිබඳව. එය ජාතික සභාවටත් ලබා දෙන්නම්. පාර්ලිමේන්තුව සාකච්ඡා කර, ඒ පිළිබඳ එකඟතාවකට පැමිණි පසු දීර්ඝකාලීන හා මධ්‍ය කාලීන සැලැස්මක් ඉදිරිපත් කරන්නම්. දැනට පාර්ලිමේන්තුවේ ජාතික සභා කමිටුවලින් වාර්තා ගණනාවක් ලැබී තිබෙනවා. මම ඒ ගැන ස්තූතිවන්ත වෙනවා. එහෙත් අපට මාස 08 ක් වැනි කෙටි කාලයක් තුළදී මේ වැඩකටයුත්ත ඉටු කිරීමට හැකි වුණා. එයින් අපි ප්‍රයෝජන ගෙන ඉදිරියට යමු කියලා මම ප්‍රකාශ කරනවා.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-03-07

SendShareShare
Previous Post

අද කොළඹට එන අන්තරේට තහනම් නියෝගයක්!

Next Post

මැතිවරණ කොමිසමේ සාකච්ඡාව අවසන්! මුද්‍රණාලයාධිපතිනිය එළියට ඇවිත් කියපු කතාව මෙන්න! VIDEO

MORE NEWS

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

Load More
මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලංකාවේ විතරක් නෙවෙයි මේ ආදරේ හොයන් තායිලන්තයටත් ගියා… සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස කලා ක්ෂේත්‍රයට පා තැබූ ඔහු, අද වනවිට ‘සිදු’, ‘ශක්ති’,...

Read more
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.