• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

මගෙ සුදු බෑණන්ඩිට ඡන්දෙ නැත්නම් අබ සරණයි! මගෙ බුදු මාමණ්ඩියෙ ඡන්දෙ තිබ්බොත් මම ඉවරයි! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

February 25, 2023
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
මගෙ සුදු බෑණන්ඩිට ඡන්දෙ නැත්නම් අබ සරණයි! මගෙ බුදු මාමණ්ඩියෙ ඡන්දෙ තිබ්බොත් මම ඉවරයි! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘මාමා කළ දේ බෑණා නොකළොත්…’

මේ දවස්වල දේශපාලන විචාරකයන්ගේ, කාටූන්කාරයන්ගේ ජනප්‍රියතම මාතෘකාව ඕකය. ඔවුන් ජේ.ආර්. 1982 ජනාධිපතිවරණයේදී මැතිවරණ සිතියම අකුළන බවට ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයක් මතක් කරමින් ජේ.ආර්.ගේ බෑණා, රනිල් කරන්න යන්නේත් ඒකම බව කියමින් දේශපාලනය විග්‍රහ කරයි. කාටූන් අඳියි.

හැබැයි ඇත්ත කතාව නම් ඒ මාමා මේ බෑණා වගේ ඡන්දයට බය මාමෙක් නොවේ.

ලංකාවේ මැතිවරණ කල්දමන සම්ප්‍රදාය පටන් ගත්තේ බණ්ඩාරනායක මැතිනියයි. ඒ ඇයගේ 1970-77 සමගි පෙරමුණු ආණ්ඩුවෙනි. 1970 මහ ඡන්දය දිනා මැතිනිය අගමැති වී අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරගෙන තුනෙන් දෙකක බලයෙන් පාර්ලිමේන්තුවේ කාලය දික් කරගැනීමට හැකි වන ලෙස වගන්තියක් ඇතුළු කොට වසර දෙකකට පාලන කාලය දික්කර ගනු ලැබීය. එවක විපක්ෂ නායක ජේ.ආර්. මැතිවරණයකින් තොරව පාලන කාලය දීර්ඝ කරගැනීමට එරෙහි විය. මෙම දීර්ඝ කරගැනීමට මහජන සහාය නැති බව පෙන්වන්න ඔහු සිය මන්ත්‍රී අසුන වූ දකුණු කොළඹ මන්ත්‍රී ආසනයෙන් ඉල්ලා අස්විය. ජේ.ආර්.ගේ මේ තීරණයට ඔහුගේ පක්ෂය වූ යූ.ඇන්.පී.යේම විරෝධය එල්ල විය. ජේ.ආර්.ගේ අදහස වූයේ මුළු පක්ෂයේම මන්ත්‍රීවරු ඉල්ලා අස්වී අතුරු මැතිවරණයකට මුහුණ දෙන්නටය. සමහර මන්ත්‍රීවරු අදිමදි කිරීම නිසා ජේ.ආර්. තනියම ඒ තීන්දුව ගත්තේය. ජේ.ආර්. අතුරු මැතිවරණයෙන් පරාජයට පත්වුවහොත් ජේ.ආර්.ගේ දේශපාලනය අවසන් විය හැකි බවට ඔහුගේ සමීපතමයන් උපදෙස් දෙද්දී ජේ.ආර්. බය නැතිව අතුරු මැතිවරණයට මුහුණ දුන්නේය. මැතිනියගේ ආණ්ඩුව උපරිම රාජ්‍ය බලය යොදවා ජේ.ආර්. පරාජය කරන්න උත්සාහ කළත්, ජේ.ආර්. අතිවිශිෂ්ට ජයක් ලැබුවේය. තුනෙන් දෙකක බලයක් සහිත වසර දෙකකින් පාර්ලිමේන්තු කාලය දික් කරගෙන රාජ්‍ය බලය සහ මැර බලය උපරිම ලෙස පාවිච්චි කළ ආණ්ඩුවක් ඡන්දයකට ඇදගෙන ගොස් ජනතාව ඉදිරියේ දණින් වට්ටන්න ජේ.ආර්.ට හැකි වූයේ එසේය.

ජේ.ආර්. ඡන්දවලට බය නැති බව කියන්න මෙයටත් වඩා සාක්ෂි අවශ්‍ය නැත. 1977 මහ ඡන්දය දින්නාට පසු ඔහු ආණමඩුවේ අතුරු මැතිවරණයකට මුහුණ දුන්නේය. පළාත් පාලන ඡන්ද වෙනුවට සංවර්ධන සභා ඡන්දයකට මුහුණ දුන්නේය. නියමිත කාලයටත් කලින් 1982 හදිසි ජනාධිපතිවරණයක් කැඳවීය. 1982 ජනාධිපතිවරණය අතිවිශිෂ්ට ලෙස ජය ගත්තේය. ඉන් පසු ඔහු ගත්තේ මෝඩ තීන්දුවකි. එනම් මහ මැතිවරණයකට නොයා ජනමත විචාරණයකට යෑමය. මහ මැතිවරණයක් තිබ්බා නම් ඔහු අතිවිශිෂ්ට ජයක් ලබන්න ඉඩ තිබිණි. ඒත් ඔහුම හදපු සමානුපාතික ඡන්ද ක්‍රමයට අනුව ශක්තිමත් විපක්ෂයක් පාර්ලිමේන්තු එනවාට ඔහු බිය විය. මෙම ජනමත විචාරණය ජේ.ආර්.ගේ චරිතාපදානයේ හඳුන්වන්නේ ගරුත්වනාශක ජනමත විචාරණය කියාය. ඇත්තටම ඒ වෙලාවේ ජේ.ආර්. මහ ඡන්දයකට ගියා නම් විජය කුමාරතුංගලා, රෝහණ විජේවීරලා, කොල්වින්ලා යළිත් පාර්ලිමේන්තුවට තේරීපත්වීමට ඉඩ තිබිණි. එසේ වූවා නම් ජ.වි.පෙ. භීෂණයක් හිස ඔසවන්නේ නැත. මේ හැමටත් වඩා උතුරේ එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුළු සන්නද්ධ කල්ලිවල නායකයන්ටද පාර්ලිමේන්තුවට ඒමට අවස්ථාව ලැබීමට ඉඩ තිබිණි. එසේ වූවා නම්උතුරේ ඒ වන විටත් පැවැති දෙමළ සන්නද්ධ කල්ලිවල ප්‍රචණ්ඩ ක්‍රියා යුද්ධයක් දක්වා වර්ධනය නොවීමට ඉඩ තිබිණි.

මේ ජනමත විචාරණයෙන් ජේ.ආර්. තමාටත් රටටත් ලොකු විනාශයක් කරගත්තේය. ඒත් ඔහු ජනමත විචාරණයට පසු ජනමත විචාරණයෙන් පරාජයට පත් වූ යූ.ඇන්.පී. මැති ඇමැතිවරුන්ගේ ආසනවලට අතුරු ඡන්ද පැවැත්වීය. දිනේෂ් ගුණවර්ධනලා පාර්ලිමේන්තු ආවේ ඒ අතුරු මැතිවරණවලින්ය. ඒ සමගම ඔහු පළාත් පාලන ඡන්දය පැවැත්වීය. මේ ඡන්ද පවත්වා ටික කලකින් මින්නේරිය සහ කුණ්ඩසාලේ යන ආසන සඳහා අතුරු මැතිවරණ පැවැත්වීය. 1987 ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව රට ගිනිගනිද්දී රත්නපුරට අතුරු මැතිවරණ පැවැත්වීය. 88-89 භීෂණ සමයේ පළාත් සභා ඡන්දය පැවැත්වීය. දකුණේ හමුදාව සහ ජ.වි.පෙ. අතර යුද්ධයක් පවතිද්දීත් උතුරේ ඉන්දීය හමුදා සහ එල්.ටී.ටී.ඊ.ය අතර යුද්ධයක් පවතිද්දීත් ජනාධිපතිවරණය නියමිත දිනයට පැවැත්වීය. මහ ඡන්දයට පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.

‘ඉතින් කොහොමද මාමා, බෑණා වගේ ඡන්දවලට බයයි කියන්නේ..,?’

මාමා ඡන්දවලට බය වූ අයෙක් නොවේ. නැත්නම් විපක්ෂ නායක ලෙස දකුණු කොළඹ අතුරු මැතිවරණය පවත්වන්න තමන්ගේ බෙල්ල දෙන්නේ නැත.

මේ බෑණා මාමා වගේ නොව ඡන්දවලට පණ බයය. 2002 අගමැති වූ පසු රනිල් පළාත් සභා ඡන්දය පැවැත්වූයේ නැත. ඔහු පළාත් සභා ඡන්දය කල්දැම්මේය. 2015 අගමැති වී පළාත් පාලන ඡන්දය මෛත්‍රීපාල සමග එක්වී කල්දමා ගත්තේය. ජේ.ආර්. හැම වෙලාවේම මහජන මතය උරගා බලන්න කැමැති විය. ඔහු ඒ සඳහා අතුරු මැතිවරණ, පළාත් පාලන, සංවර්ධන සභා, පළාත් සභා ඡන්ද පැවැත්වීය.

රනිල් ජනාධිපති වූ විගස යූ.ඇන්.පී.යේ නීතිඥයන් සමග සාකච්ඡාවක් පවත්වා මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරමින් කීවේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවය. ඔහු මේ ප්‍රකාශය කළේ ජනාධිපති වී ආණ්ඩුව භාරගත් විගසය. ඒ වෙලාවේ ඔහු ජනමත විචාරණ පවත්වන්න සල්ලි නැති කතාවක් කීවේ නැත. මෙරට මැතිවරණ ක්‍රියාවලියට පරිබාහිර ජනමත විචාරණයක් පවත්වන්න ඔහුට ඒ වෙලාවේ රටේ ආර්ථික ප්‍රශ්න බලපෑවේ නැත. ඔහු ඒ වෙලාවේ හිතන්න ඇත්තේ පළාත් පාලන ඡන්දය කල් දමන්න ජනමත විචාරණයක් තියන්නටය. ඒත් කල් යනකොට ඒ වැඩේ හරිගියේ නැත. පළාත් පාලන ඡන්දය පවත්වන්න සල්ලි නැහැ කියන කතාව ආවේ ඊට පසුවය.

රනිල් කොයි තරම් අප්ඩේටඩ් කිව්වත් ඔහු තවමත් ජීවත් වන්නේ ජේ.ආර්., ප්‍රේමදාස යුගයේය. ඒ කාලයේ ප්‍රජාතන්ත්‍රවාදී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී කියා කඳවුරු දෙකක් තිබුණේ නැත. මානව හිමිකම් කියලා සටන් පාඨයක්ද තිබුණේ නැත. මෙයට හොඳම උදාහරණය ප්‍රේමදාසගේ ආණ්ඩු කාලයේ මැතිවරණ දූෂණ සම්බන්ධයෙන් මැදිහත් වූ එකල මෙරට බි්‍රතාන්‍ය මහකොමසාරිස් ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් පසු කලක ලංකාවේ තම අත්දැකීම් ගැන ලියපු පොතක තබපු සටහනය. ඔහු කියන්නේ එකල බි්‍රතාන්‍යය අනෙකුත් රටවල් සමග ගනුදෙනු කරද්දී ප්‍රජාතන්ත්‍රවාදය කොන්දේසියක් ලෙස භාවිත නොකළ බවයි. එසේම බි්‍රතාන්‍යය සමග ගනුදෙනු කරන රටවල් මානව හිමිකම් ආරක්ෂා කරනවාද යන්න ගැන සොයා බැලීමක් සිදු නොකළ බවයි. මේ නිසාම ප්‍රේමදාස ආණ්ඩුව ඩේවිඩ් ග්ලැඩ්ස්ටන්ට පිටත්ව යන ලෙස කී විට බි්‍රතාන්‍ය ආණ්ඩුව ඔහුව ආරක්ෂා කරන්න ඉදිරිපත් නොවූ බව ඔහු සඳහන් කර ඇත. රනිල් එකල ප්‍රේමදාස ආණ්ඩුවේ සභානායක සහ කර්මාන්ත ඇමැති ලෙස ග්ලැඩ්ස්ටන් පිටත් කර හරින්න ප්‍රේමදාස ජනාධිපතිට ලොකු බලපෑමක් කළ අයෙකි. හේතුව ග්ලැඩ්ස්ටන් නිරීක්ෂණය කළ ඡන්ද මධ්‍යස්ථානය පිහිටා තිබුණේ රනිල්ගේ මිතුරු ජ.වි.පෙ. මර්දනයේ සෙන්පතියකු වූ එම්.ආර්. විජේසිරිගේ ආසනයේය. ග්ලැඩ්ස්ටන්ව රටින් පිටුවහල් කිරීම ගැන විපක්ෂය ප්‍රශ්න කරන විට එය සාධාරණීකරණය කළේ රනිල්ය.

දැන් එහෙව් රනිල් ජනාධිපති වී තම මාමාගේ ‘සන්ඩේ ටයිම්ස්’ පත්තරේ නිවුස් ප්ලාන්ට් කරන්නේ පුංචි ඡන්දය පවත්වන්න බලපෑම් කරන බටහිර රටවල තානාපතිවරුන්ට ග්ලැඩ්ස්ටන්ට සිදුවූ දේ විය හැකි බවය.

ග්ලැඩ්ස්ටන් සිය පොත ගැන මාධ්‍ය සාකච්ඡාවක් දෙමින් පවසා සිටියේ ප්‍රේමදාස ආණ්ඩු කාලයේ තමාට සිදුවූ දේ අද සිදුවුණා නම් බි්‍රතාන්‍යයෙන් පමණක් නොව අනෙකුත් බටහිර රටවලින් ප්‍රේමදාස ආණ්ඩුවට දැඩි බලපෑම් එල්ල වීමට තිබුණු බවය. එකල ජේ.ආර්.ගේ සහ ප්‍රේමදාසගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලට බටහිර රටවල් මැදිහත් නොවූයේ එකල ලෝකය බෙදී තිබුණේ සමාජවාදී රටවල් සහ සමාජවාදී නොවන රටවල් ලෙසින් වන නිසාය. ජේ.ආර්. සහ ප්‍රේමදාස ආණ්ඩු සමාජවාදී නොවන බටහිර කඳවුරේ සිටි නිසා බටහිර රටවල් ජේ.ආර්.ගෙන් සහ ප්‍රේමදාසගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන මානව හිමිකම් ගැන ප්‍රශ්න කළේ නැත. 1994 වන විට සෝවියට් දේශය ඇතුළු කොමියුනිස්ට් රටවල් කඩාවැටී ප්‍රජාතන්ත්‍රවාදී සහ ඒකාධිපති රටවල් ලෙස ලොව බෙදුණි. බටහිර රටවල් ලොව අනෙක් රටවලට ආධාර කිරීමේදී බැලුවේ ඒ රටවල් සමාජවාදීද නැද්ද නොව, ප්‍රජාතන්ත්‍රවාදීද, මානව හිමිකම් රකිනවාද කියාය. අද පුංචි ඡන්දය පවත්වන්න කියා රනිල්ට බලපෑම් කරන තානාපතිවරයෙක් පිටමං කරන්න රනිල් උත්සාහ ගත්තොත් රනිල්ට සොරි ඩොට් කොම්ය.

මේ නිසා රනිල්, ජේ.ආර්.ගේ හීනෙන් අවදි විය යුතුය. නෙට්ෆ්ලික්ස් පිචර් බලන රනිල් තාම ඉන්නේ සාගරයක් මැදය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

2017 නඩුව ඇහුවා! පෙරේරා කෙනෙක් වැරැදිකරු වුණා! අපහාසය වෙනුවෙන් ලක්ෂ 20කුත් ගෙව්වා! එහෙම තියෙද්දිත් කරපු අපහාසයට දුලාංජලී අනුරව උසාවි එක්කන් යයි! යවපු ලියුම මෙන්න! EXCLUSIVE

Next Post

ඉන්දියාවෙන් එන පළමු බිත්තර තොගය හෙට ලංකාවට! දීපු උපදෙස් මතකනේ! බිත්තර අල්ලන්නෙ ග්ලවුස් දාගෙන! බිත්තර කට්ට තැන්තැන්වල දාන්න බෑ! එක්කො විනාශ කරන්න! නැත්නම් වළලන්න!

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.