පක්ෂ දේශපාලනයෙන් බැහැරව අලුත් දේශපාලන ගමනක් ආරම්භ කිරීමට මංගල සමරවීර මහතා තීන්දු කොට ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව මින් ඉදිරියට ශ්‍රී ලාංකීය සියලු ජනකොටස්වල සංහිඳියාව වෙනුවෙන් නව දේශපාලන ගමනක් ඇරඹීමට සමරවීර මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.
පසුගිය ජනාධිපතිවරණයේදී එජාපයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඊට ඉදිරිපත් විය යුතු බවට පළමුව කියා සිටි කැබිනට් අමාත්‍යවරුන්ගෙන් එක් අයකු වන්නේද සමරවීර මහතාය.











