පක්ෂ නායකයකු වුවද අන්තර්වාර් ආණ්ඩුවේ ඇමැති ධුරයක් භාර ගැනීම පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විසින් ප්‍රතික්ෂේප කොට ඇත.

ඒ බව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දීමටද ගම්මන්පිල මහතා කටයුතු කොට තිබේ.
එමෙන්ම අමාත්‍යවරුන් දිව්රුම් දීමේ උත්සවයට පවා ගම්මන්පිල මහතා සහභාගීව සිටියේ නැත.










