කොරෝනා මළ සිරුරු භූමදානය කිරීම සදහා ශ්‍රී ලංකා ආණ්ඩුව ඉඩ ලබා දීම සම්බන්ධයෙන් තමන් ලංකා ආණ්ඩුවටත්, එහි නායකයන්ටත් ස්තූතිය පිරිනමන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පවසයි.
ට්විටර් පණිවුඩයක් තබමින් අගමැතිවරයා මේ බව දැනුම් දී ඇත.
ඉම්රාන් ඛාන්ගේ ශ්‍රී ලංකා සංචාරය නිම කොට දිනකට පසු ආණ්ඩුව මෙම තීන්දුව ගෙන තිබීම විශේෂ සිදුවීමකි.











