• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රිපන් බාලිකාවේ 7 වසරේ සිසුවිය කොරෝනා හැදුණු මිතුරිය ගෙදර තියාගෙන ඇපඋපස්ථාන කරලා

March 1, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
රිපන් බාලිකාවේ 7 වසරේ සිසුවිය කොරෝනා හැදුණු මිතුරිය ගෙදර තියාගෙන ඇපඋපස්ථාන කරලා
Share on WhatsAppShare on Facebook

කොරෝනා රෝගයට ලක්වූ කෙනකු රැකබලා ගැනීමට තම සමීපතම ඥාතීන් පවා බියවන සමාජ වටපිටාවක් තුළ කොරෝනා රෝගයට ලක්වූ තමාගේ හොඳම මිතුරිය තම නිවෙසේ දින පහක කාලයක් රඳවා තබාගෙන ඇයට සියලු සත්කාර සිදුකළ දියණියක් පිළිබඳව ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයෙන් වාර්තා වේ.

ගාල්ල, කලේගාන පදිංචි ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයේ හත්වන වසරේ ඉගෙනුම ලබන කේ. එච්. හංසනි යශෝධා නමැති ඇය කුඩා මිතුරියකි. ඇයගේ හොඳම මිතුරිය වන ඇයගේම පන්තියේ එකට ඉගෙනුම ලැබූ ගාල්ල සපුමල් පෙදෙසේ පදිංචි එච්. එන්. විශ්මි විහංගාද යශෝධා මෙන්ම කුඩා මිතුරියකි.

විශ්මී විහංගා දියණියගේ මවට හදිසි සැත්කමක් සිදු කිරීම සඳහා ඇය ගාල්ල නගරයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමට සිදුවිය. එහිදී ගාල්ල රේවත පිරිවෙනේ ගුරුවරයකු වන ඇයගේ පියා තමන්ගේ එකම දරුවා වන විශ්මි විහංගා නතර කර යන්නේ ඇයගේ හොඳම මිතුරිය වන හංසනී යසෝධාගේ නිවෙසේය.

විශ්මී විහංගා දියණියගේ මවට සැත්කමට පෙර සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණයේදී එම මව කොරෝනා ආසාදිතයකු බව හඳුනා ගැනුණු අතර, අනතුරුව ඇයගේ පියාටද සිදුකළ පරීක්‍ෂණයේදී ඔහුද කොරෝනා ආසාදිතයකු බව තහවුරු කරගෙන තිබිණි. ඔවුන් දෙදෙනාම ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර අනතුරුව විශ්මී විහංකා දියණියට සිදුකළ පරීක්‍ෂණයේදී ඇයටද කොරෝනා රෝගය වැළඳී ඇති බව තහවුරු විය. ඇය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන යන විට දින පහක කාලයක් ඇය හංසනී යසෝධා දියණියගේ නිවෙසේ ගතකර තිබිණි.

හංසනී යසෝධා දියණියත් ඇයගේ මව, පියා සහ සොහොයුරන් සියලු සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කිරීම නිසා ඔවුන් කිසිවකුත් කොරෝනා වසංගතයට ලක් නොවිණි.

හංසනී යසෝධා දියණිය සිදුකළ මේ උතුම් ක්‍රියාව අගය කරමින් ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයේදී විශේෂ ඇගැයීමේ උළෙලක් සංවිධානය කර තිබිණි.

එහිදී ගාල්ල දිස්ත්‍රික් බාලදක්‍ෂිකා සංගමය මගින් වසරක් පුරාවට අවශ්‍ය සියලු පාසල් උපකරණ ඇයට පරිත්‍යාග කෙරිණි.

දකුණු පළාත් හිටපු බාලදක්‍ෂිකා කොමසාරිස් චන්ද්‍රිකා මල්කාන්ති, විදුහල්පතිනි එම්. එස්. ආර්. අයිරාංගනී යන මහත්මීන් අතින් එම උපකරණ ඇයට පිරිනැමිණි. මහජන සෞඛ්‍ය පරීක්‍ෂක චිරන්ත ගුරුගේ මහතාද ඇයගේ මේ උතුම් ක්‍රියාව අගය කරමින් විශේෂ ත්‍යාගයක් ඇයට පිරිනැමුවේය.

SendShareShare
Previous Post

වේල්ල වීදියේ බෑගයක කාන්තා මළ සිරුරක්

Next Post

භාතිය-සන්තුෂ්ට එරෙහි සුනිල්-රෝහණ සටන: දෙගොල්ලන්ටම ඇඩ්‍රස් නැති වෙයිද?

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper