• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

භාණ්ඩාගාරය කැඩුවාම බංග්ලාදේශ-පුවර්ටෝ රිකෝ රටවල් වැඩ කළේ මෙහෙමයි! එප්පාවල නඩුව මතකද? විලියම් එරෙහි මුදල් අමාත්‍යාංශය නඩුව මතකද? ලංකාවේ මාස 5ක් සද්ද නැතිව හිටියා! Sri Lanka Latest News

May 9, 2026
in Exclusive
Reading Time: 6 mins read
A A
ඇෆ්ගනිස්ථානයට රිංගූ පාකිස්තාන හැකර්ලා!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ පරමාධිපත්‍ය බලය හිමිවන්නේ මහජනතාවටය. එම බලයේ හදවත බඳු වූ රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් රජය සහ නිලධාරීන් කටයුතු කළ යුත්තේ ‘පොදු භාරකාරත්ව’ මූලධර්මය මතය.Sri Lanka Latest News

එහෙත්, මහා භාණ්ඩාගාරයට අයත් ඩොලර් මිලියන 2.5ක් හෙවත් රුපියල් කෝටි 800කට ආසන්න මහජන මුදලක්, නිසි සොයාබැලීමකින් තොරව හැකර්වරුන්ගේ ගිණුමකට බැර කර, මාස තුනක් යනතුරුත් එය ‘රහසක්’ ලෙස තබාගැනීම යනු හුදෙක් පරිපාලන දෝෂයක් නොව, ජාතික අපරාධයකි.

පොදු භාරකාරත්වය සහ අධිකරණ පූර්වාදර්ශ
ශ්‍රී ලංකා නීතියට අනුව රාජ්‍ය නිලධාරීන් යනු මහජන දේපළවල අයිතිකරුවන් නොව එහි භාරකරුවන්ය. මෙම මූලධර්මය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බුලන්කුලම සහ පිරිස එදිරිව කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් (2000) 3 SLR 243 හෙවත් ප්‍රසිද්ධ ‘එප්පාවල නඩුවේදී’ ඉතා පැහැදිලිව තහවුරු කරන ලදී. එහිදී ප්‍රකාශ වූයේ රජය සහ නිලධාරීන් මහජන සම්පත්වල භාරකරුවන් වන බැවින්, ඔවුන් එම සම්පත් ආරක්ෂා කිරීමට නීතියෙන් බැඳී සිටින බවයි.

එසේම, ගාමිණී සෙනරත් එදිරිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව (SC/TAB/01/2019) නඩුවේදී සාකච්ඡා වූ පරිදි, රජයට අයත් මුදල් වෙනත් පාර්ශ්වයකට වාසි වන අයුරින් යෙදවීම හෝ එසේ වීමට ඉඩ හැරීම අල්ලස් පනත යටතේ ‘දූෂණය’ යන වරදට අදාළ විය හැකිය. කෝටි 800ක් හැකර්වරුන් අතට පත්වීමට සැලැස්වීම මෙම නීතිමය පදනම යටතේ දැඩි දණ්ඩනයට යටත් වියයුතු කරුණකි.

අමාත්‍යාංශ ලේකම්වරයකු සතු ව්‍යවස්ථාපිත වගකීම
අමාත්‍යාංශ ලේකම්වරයා යනු හුදෙක් පරිපාලන නිලධාරියකු පමණක් නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52(2) ව්‍යවස්ථාව යටතේ අමාත්‍යාංශයේ පාලනය ලේකම්වරයා සතු වන අතර, ඔහු එම විෂය පථයට අදාළ ‘ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා’ වේ.

විලියම් එදිරිව මුදල් අමාත්‍යාංශයේ ලේකම් [2002] 3 SLR 54 නඩුවේදී තහවුරු වූ පරිදි, රාජ්‍ය නිලධාරියකු තම තනතුරේ වගකීම් ඉටුකිරීමේදී ආයතන සංග්‍රහය සහ මුදල් රෙගුලාසිවලට අනුකූලව යුක්තිසහගතව කටයුතු කළ යුතුය. මුදල් රෙගුලාසි FR 124, 125 සහ 128 අනුව, තම අමාත්‍යාංශය යටතේ සිදුවන සෑම මූල්‍ය ගනුදෙනුවකම නිරවද්‍යතාව සහ ආරක්ෂාව පිළිබඳ ඔහු පෞද්ගලිකවම වගකීමට බැඳී සිටී.

වර්තමාන මුදල් ලේකම්වරයා වෘත්තීය දේශපාලකයකු ලෙස සිට ඍජුවම මෙම ධුරයට පත්වූ, රාජ්‍ය පරිපාලන අත්දැකීම් නොමැති අයෙකු වුවද, එම ‘නොදැනුවත්කම’ නීතිය හමුවේ නිදහසට කරුණක් කරගත නොහැක. එවැනි සුදුසුකම් නොමැති අයකු මෙවැනි තීරණාත්මක තනතුරක රැඳී සිටීමම රාජ්‍ය මූල්‍ය ආරක්ෂාව අනතුරේ හෙළීමක් ලෙස සැලකිය හැකිය.

‘හැකර්වරුන් පලායාවි’ යන බොළඳ තර්කය නීතිය හමුවේ වලංගුද?
මාස තුනක නිහඬතාවයෙන් පසු, ස්වාධීන නීතිඥ පාර්ශ්වයක් විසින් මෙම වංචාව අනාවරණය කළ විට ලේකම්වරයා පවසන්නේ, ‘හැකර්වරුන් පලායාමට හැකි බැවින්’ රහසක් ලෙස තබාගත් බවයි. මෙය නීතිය නොදන්නා සාමාන්‍ය වැසියකු මුළා කිරීමට කරන බොළඳ ප්‍රකාශයකි.

පාර්ලිමේන්තු මූල්‍ය පාලනය උල්ලංඝනය
ව්‍යවස්ථාවේ 148 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව පොදු මූල්‍ය පාලනය පාර්ලිමේන්තුව සතුය. ලේකම්වරයාට තනි තීරණයකින් මෙවැනි මහා පරිමාණ පාඩුවක් ව්‍යවස්ථාදායකයෙන් වසන් කිරීමට බලයක් නැත.

වගකීම පැහැරහැරීම
රවී කරුණානායක එදිරිව නීතිපති (CA/WRIT/156/2020) නඩුවේදී අවධාරණය වූයේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් තීරණ ගන්නා නිලධාරීන් මහජනතාවට වගකීමට බැඳී සිටින බවයි. අපරාධයක් සිදුවී ඇති බව දැන දැනත් මාස තුනක් යනතුරු පොලිසියට හෝ අධිකරණයට නොදැන්වීම මගින් ‘අපරාධයක් වසන් කිරීමේ’ ඍජු වගකීම නිලධාරීන් වෙත පැවරේ.

ජාත්‍යන්තර අත්දැකීම්: පුවර්ටෝ රිකෝ සහ බංග්ලාදේශ මංකොල්ලයන්
මෙවැනි මූල්‍ය වංචා ලෝකයේ වෙනත් රටවලද සිදුවී ඇති අතර, ඒ හමුවේ එම රටවල් ක්‍රියා කළ ආකාරය අපට මහඟු පාඩමකි.

පුවර්ටෝ රිකෝ (2020)
රජයට සේවාවන් සපයන ආයතනයක් ලෙස පෙනීසිටිමින් හැකර්වරුන් එවූ ව්‍යාජ ඊමේල් පණිවුඩයක් නිසා ඩොලර් මිලියන 2.6ක් වංචාකාරී ගිණුමකට බැර විය. එහිදී සිදු වූයේද ලංකාවේ මෙන් නිලධාරීන් විසින්ම මුදල් බැර කිරීමයි. එහෙත් වංචාව හෙළි වූ වහාම එෆ්.බී.අයි. ආයතනය මැදිහත් වූ අතර, වගකීම පැහැර හැරීම මත එරට ඉහළ නිලධාරීන්ට ධුර අහිමි විය. ඒ අනුව පුවර්ටෝ රිකෝහි කාර්මික සංවර්ධන සමාගමේ විධායක අධ්‍යක්ෂ මැනුවෙල් ලැබෝයි ඇතුළු ඉහළ නිලධාරීන්ට වහාම ඉල්ලා අස්වීමට සිදුවිය. එසේම මුදල් බැර කිරීමට අනුමැතිය දුන් නිලධාරීන්ගේ ‘ව්‍යවස්ථාපිත වගකීම’ පැහැර හැරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව සිවිල් නඩු පැවරීමට එරට අධිකරණ දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.

බංග්ලාදේශය (2016)
හැකර්වරු බැංකු පද්ධතියට ඇතුළු වී ඩොලර් මිලියන 81ක් සොරකම් කළහ. සිද්ධිය අනාවරණ වූ වහාම එරට මහබැංකු අධිපතිවරයා වගකීම භාරගෙන ධුරයෙන් ඉල්ලා අස්විය.
මෙම රටවල් දෙකේදීම කිසිදු නිලධාරියකු ‘හැකර්වරුන් පලායාවි’ යන බොළඳ තර්කය මත නීතියෙන් තොරතුරු වසන් කළේ නැත.

මහජනතාවට ගත හැකි නීතිමය පියවර
නිලධාරීන් වගකීම මගහරින්නේ නම්, පුරවැසියන් ලෙස අපට ඇති බලතල මෙසේය.

● ක්වෝ වොරන්ටෝ රිට් ආඥාව
අදාළ ලේකම්වරයා රාජ්‍ය පරිපාලන පළපුරුද්දක් නොමැතිව පත්වී ඇති බැවින්, ඔහු එම ධුරය දැරීමට ඇති නීත්‍යනුකූල සුදුසුකම ප්‍රශ්න කරමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ හැකිය.

● මැන්ඩාමුස් රිට් ආඥාව
තම නෛතික වගකීම ඉටුකරන ලෙස (විමර්ශන ඇරඹීමට සහ පොලිස් පැමිණිලි කිරීමට) නිලධාරීන්ට බලකරමින් මෙම රිට් ආඥාව ලබාගත හැකිය.

● මූලික අයිතිවාසිකම් පෙත්සම
ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ නීතිය ඉදිරියේ සමාන ආරක්ෂාව ලැබීමේ අයිතිය උල්ලංඝනය වූ බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යා හැකිය.

මහජන මුදල් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් හෙවත් රුපියල් කෝටි 800ක් බාහිර පුද්ගලයකුගේ ගිණුමකට බැරකිරීම පිළිබඳ තොරතුරු වසන් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රටක අනුමත කළ නොහැකි ක්‍රියාවකි. අනාවරණය වූවාට පසු ඒ සම්බන්ධයෙන් විහිළුසහගත ප්‍රකාශ කිරීම මහජනයාගේ බුද්ධියට කරන නිගාවකි.

රාජ්‍ය සේවය යනු මහජනතාවගේ විශ්වාසය මත පදනම් වූවකි. නිලධාරීන් මහජනතාවට වගකීමට බැඳී සිටින බවත්, ඔවුන් නීතියට ඉහළින් නොසිටින බවත් පෙන්වා දීමට ජන මාධ්‍ය මගින් ප්‍රකාශ නිකුත් කරමින් නොසිට, බුද්ධිමත් වගකිවයුතු පුරවැසියන් නීති මගින් ක්‍රියා කිරීමට කටයුතු කිරීම අවශ්‍යව පවතී. මන්ද, නිහඬව සිටීම යනු අපරාධයට අනුබල දීමකි.

නීතිඥ, වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ

SendShareShare
Previous Post

අපිව වට්ටන්න බෑ! ආණ්ඩුව වැටෙන්නේ නෑ! ආයෙ වෙන ආණ්ඩු නෑ! අපි තමයි දිගටම ආණ්ඩුව! මාලිමාව ඇයි මේ බයවෙලා…! Sri Lanka Latest News

Next Post

අවුරුදු 100ක් පැරණි පවුල් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙලා තියෙන වින්නැහිය ගැන විපක්ෂනායක සජිත් කතාකරයි! ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.