පවුල් සෞඛ්‍ය සේවයට වසර 100ක් සම්පූර්ණ වන මොහොතේ දරුවන්ගේ සහ මව්වරුන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය තහවුරු කරන මේ ක්ෂේත්‍රයේ අඩුපාඩුකම් රැසක් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.Sri Lanka Latest News
සිය සේවාවට නිසි ඇගයීමක් නොමැති වීම, අදාළ සේවාව ඉහළ මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දීමනා, උපකරණ, යාන වාහන ආදිය පවා නොමැති බවත් මේ නිසා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ප්‍රශ්න රැසකට මුහුණ දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ඉටු කරන සේවයට ස්තූතියි
සමාජයට දරු පරපුරට සහ මව්පරපුරට ඉටු කරණ විශිෂ්ට සේවාවට ඉහළ ඇගයීමක් දිය යුතු බවත් 8000කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට සිටියත් මේ පවුල් සෞඛ්‍ය ක්ෂේත්‍රය වඩාත් ප්‍රබුද්ධ ප්‍රශස්ත කාර්යක්ෂම කිරීමට රජයේ අවධානය යොමු විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
මේ ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් රජයේ අවධානය යොමුවිය යුතුයි
සියක් වසරක අමරණීය සේවාවක් සපුරණ මේ අවස්ථාවේ ප්‍රතිශක්තිකරණයේ සිට ළමා හා මාතෘ මරණ අනුපාතය අඩු කිරීමට දක්වන විශිෂ්ට සේවාව ඉතා ඉවහල් වන බවත් ඒ වෙනුවෙන් සිය ස්තූතිය පුදකරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සේවා තෘප්තිය වර්ධනය කිරීමට මීට වඩා රාජ්‍ය මැදිහත්වීම අවශ්‍ය බවත් ඒ සදහා පවුල් සෞඛ්‍ය ක්ෂේත්‍රයට මීට වඩා වැඩි සැලකිල්ලක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.










