වසර දාහතරක් තිස්සේ බන්ධනාගාරගතව සිටි දෙමළ දේශපාලන සිරකරුවන් තුන් දෙනකුට එරෙහිව චෝදනා ගොනුවී නොමැති නිසා ඔවුන් වවුනියාව මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් විසින් ඊයේ (03) නිදහස් කොට තිබේ.
2009 මැයි මාසයේදී ආරක්ෂක අංශ විසින් මොවුන් තිදෙනා යාපනය මුලතිව් හා වවුනියාව යන ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කොට තිබේ.
නමුත් මේ දක්වා ඔවුන්ට එරෙහිව නීතිපතිවරයා චෝදනා ගොනුකොට නොමැති නිසා වවුනියාව මහාධිකරණයේ නීතිඥ ඇන්ටන් පුනිදනායගම් මහතා අධිකරණයට කියා සිටියේ මේ තිදෙනා තවදුරටත් රඳවා තබාගැනීම අසාධාරණයක් මෙන්ම නිෂ්ඵල කාරණයක් බවයි.
ඔවුන්ගේ විස්තර වාර්තා සැලකිල්ලට ගත් වවුනියාව මහාධිකරණ විනිසුරුවරයා ඔවුන්ව නිදහස් කරනු ලැබීය.
වසර 14කට පසුව නිදහස ලැබූ ඊ. තිරුවරුල් (අවු. 45), එම්. සුලක්සන් (අවු. 34), කේ. දර්ශන් (අවුරුදු 33) යන දෙමළ දේශපාලන සිරකරුවන් දැකගැනීමට ඔවුන්ගේ ඥාතීහු විශාල පිරිසක් වවුනියාව මහාධිකරණය වෙත පැමිණ සිටියහ.
lankasara










