රටත්, මෙරට ක්‍රිකට් ක්‍රීඩකයනුත් අපකීර්තියට පත්කරමින්, 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පවා දුන්බවට හිටපු ආමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සිදු කළ ප්‍රකාශයට එරෙහිව පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් ඊයේ (06) ක්‍රිඩා ආමාත්‍යංශය වෙත පැමිණිල්ලක් බාර දී තිබේ.
සමාජවාදී තරුණ සංගමය, save the sports සංවිධානය එක්ව මෙම පැමිණිල්ල බාර දී ඇත.
ඉකුත් යහපාලන රජය සම්මත කළ නව පනතට අනුව ක්‍රීඩා වැරදි සම්බන්ධයෙන් පරීක්ෂණ කළ හැකි නමුත් යමෙකු අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන්නේ නම් ඔහුට හෝ ඇයට එරෙහිව නීති මගින් ක්‍රියා කිරීමේ හැකියාව ලබා දී තිබේ.
ඒ අනුව ක්‍රිකට් පාවාදීමක් සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයේදී කිසිදු තොරතුරක් හෙළිනොවීම මත මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පරීක්ෂණයක් සිදු කරන ලෙසට මෙම පැමිණිල්ල ඉදිරිපත් වී ඇත.
ඒ අනුව ඉදිරියේදී මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ඉහළ පෙළේ විමර්ශනයක් ආරම්භ වීමට නියමිත බවද දැනගන්නට ඇත.











