ප්රබල පාතාල කල්ලි සාමාජිකයකු ලෙස සැලකෙන ක්රිෂාන් නිලංග දාබරේ නොහොත් ‘බැබුන්’ නැමැත්තා අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකාය සමත්ව ඇත.
ඊයේ (06) රාත්රියේදී අතුරුගිරිය ප්රදේශයේ සිදු කරනු ලැබූ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීීම සිදුකොට තිබේ.
පසුගිය දින කිහිපය තුළ විශේෂ කාර්ය බළකාය රටේ නමගිය පාතාල සාමාජිකයන් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබිණ.
ඒ අතර ‘බැරල් සංඛගේ’ ගෝලයකු වන ‘සීතාවක පොඩ්ඩා’ ද, ‘අංගොඩ ලොක්කාගේ’ ගෝලයතු වන ‘බත්තරමුල්ලේ බන්ටිද’ වූහ.










