ඇදිරි නීතිය පැනවීමට පෙර බස්නාහිර පළාතෙන් පිටවූ පිරිස් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මත 2ක සිටින බව දැනගන්නට තිබේ.
මෙහිදී අජිත් රෝහණ මහතා ප්‍රසිද්ධියේම කියා සිටියේ ඇදිරි නීතිය පැනවීමට පෙර බස්නාහිර පළාතෙන් පිටවු සියල්ලන් සොයා මෙහෙයුම් ආරම්භ කොට ඇති බවත්, ඒ සියල්ලන්ම අදාළ ප්‍රදේශයන්හිදී නිරෝධායනයට ලක් කරන බවත්ය.
කෙසේවෙතත් ඊයේ (31) දිනයේදී දේශබන්දු තෙන්නකෝන් මහතා සදහන් කර සිටියේ වර්තමානයේදී උද්ගතව පවතින තත්ත්වය මත එසේ කළ යුතු නැති බවත්, එම පිරිස් සම්බන්ධයෙන් එවැනි ක්‍රියාමාර්ගයක් ගත යුතු නැති බවත්ය.










