ප්‍රථම වතාවට කුරුණෑගල සිය රාජධානිය කරගත් දෙවන බුවනෙකබා රජු විසින් රාජසභාව පවත්වාගෙන ගිය රාජමණ්ඩපය කිසියම් පිරිසක් විසින් කඩා බිඳ දමා තිබේ.
දැවයෙන් තනන ලද මෙම රාජ මණ්ඩපය පිහිටා තිබුණේ කුරුණෑගල නගර මධ්‍යයේය.
මෙය පුරා විද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථානයක් බැවින් එය පැවතියේද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේය.
මෙම ස්ථානය නැවත වතාවක් සංරක්ෂණය කිරීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ (16) දිනයේදී සැලසුම් කර තිබියදී කිසියම් පිරිසක් විසින් ඉකුත් අගහරුවාදා මෙම ස්ථානය ඩෝසර් කිරීමට පියවර ගෙන ඇත.










