වසීම් තාජුඩීන් ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරුවකු වන එවක හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා මියගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත වාර්තා කර ඇත.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කළණි පෙරේරා මහත්මිය හමුවේ මෙම නඩුව කැදවූ අවසථාවේ මෙම අනාවරණය සිදු කර තිබිණ.
මීට අමතරව එහි තවත් සැකකරුවකු වන හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාද මේ වනවිට දැඩි ලෙස රෝගාතුරව නේවාසිකව ප්‍රතිකාර ලබන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත වාර්තා කර ඇත.










