කුරුවිට තරුණියක් ඝාතනය කර හිස නැති මළ සිරුර කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ දමා නිවසට පැමිණ සියදිවි නසාගත් උප පොලිස් පරීක්ෂකවරයාගේ දේහය ඊයේ (06) දින රාත්‍රි 10ට පමණ බඩල්කුඹුර 5 කණුව පොදු සුසාන භුමියේදි මිහිදන් කෙරිණි.
මිය ගිය අය සම්බන්දයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය එහිදි පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට මොණරාගල සිරිගල රෝහලට ඉදිරිපත් කළ මළ සිරුර පරීක්ෂණ කටයුතු නිමවීමෙන් පසු 06 දින රාත්‍රි ඥතීන්ට බාරදී තිබේ.
පවුලේ ඥතීන් කිහිපදෙනෙකු උප පොලිස් පරීක්ෂකවරයාගේ සිරුර බඩල්කුඹූර 5 කණුව ප්‍රදේශයේ නිවසට රාත්‍රි 9.30ට පමණ ගෙනවිත් නිවස තුලට නොගෙන ආලින්දයේ පැය භාගයත් තබා කිසිදු ගෞරවයක් නොකර ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව පොදු සුසාන භුමියට ගෙන ගොස් මිහිදන් කෙරිණ.
මෙම අවස්ථාවට කිසිදු පොලිස් නිළධාරියෙකු සහභාගි නොවුන අතර මිය ගිය අයගේ බිරිද හා දරුවන් තිදෙනා ජනමාධ්‍යයට මුහුණ නොදි නිවසට වී සිටියේය.
පසුව පවුලේ ළගම ඥතීන් කිහිපදෙනෙකු පමණක් සිරුර සුසාන භුමියට ගෙන ගොස් මිහිදන් කෙරිණි.










