කුරුවිට තරුණිය මරා දැමූ බුත්තල උපපොලිස් පරීක්ෂකවරයා පදිංචි නිවෙසට යාබද වත්ත සෝදිසි කිරීමේදී “ලේ බිඳු” හමුව ඇති අතර එම ලේ බිදු මරා දැමූ කරුණියගේදැයි බරපතළ සැකයක් විමර්ශකයන් වෙත මතුව ඇත.
ඒ අනුව පොලිසිය එය තහවුරු කර ගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකිරීමට පියවර ගෙන තිබේ.
එම ලේ බිඳු මියගිය තරුණියගේ සිරුරෙන් ලබාගෙන ඇති ලේ බිඳු සමඟ සැසඳුණොත් මියගිය පොලිස් පෙම්වතා ඇගේ හිස කොටස සිය නිවෙසට ගෙනැවිත් ඇති බවට තහවුරු වනු ඇත.
කෙසේවෙතත් පොලිස් ආරංචි මාර්ග සදහන් කරන්නේ හෙට දිනය වනවිට බොහෝදුරට තරුණියගේ හිසෙහි අබිරහස විසදෙනු ඇති බවකි.
හෙට දිනයේ සිරුරේ මරණ පරීක්ෂණය පැවැත්වෙනු ඇති බවත්, එහිදී වසක් විසක් ශරීරගත වී ඇය මියගියාද, එසේත් නැතිනම් පහර දීමකින් ඇය මියගියාද යන්න තහවුරු කර ගත හැකි වනු ඇත.










