හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් සහ හෂීස් කිලෝග්‍රෑම් 60ක් සමග ශ්‍රී ලංකික බෝට්ටු තුනක් ඉන්දීය වෙරළාරක්ෂක බළකාය භාරයට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
ඉන්දීය වෙරළාරක්ෂක බලකා භාරයට ගත් එම බෝට්ටු දකුණු ඉන්දීය තිරුවානාතපුරම් ප්‍රදේශයට රැගෙන විත් ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් වර්ෂා නමැති නෞකාව මගින් මෙම බෝට්ටු සිය භාරයට ගෙන ඇති අතර, එම බෝට්ටු වල සිටි කාර්යමණ්ඩල සාමාජිකයින් ගණන 19කි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ආකර්ෂා දුව, චතුරාණී 3 , සහ චතුරාණි 8 යන ශ්‍රී ලාංකික බෝට්ටු තුනයි.
ආකර්ෂා දුව නැමැති බෝට්ටුවේ සිටි පුද්ගලයින් පවසා ඇත්තේ, ලක්ෂාදීප් දිවයිනට නාවික සැතපුම් 400 ක් දුරින් වු මුහුදේදී පාකිස්ථාන බෝට්ටුවකින් තමන්ට හෙරොයින්, හෂීෂ් ඇතුළු මෙම මත්ද්‍රව්‍ය තොගය ලැබුණු බවකි.










