අයවැය ගමට ගෙන යමින් බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන රැස්වීම් මාලාවේ බස්නාහිර පළාත් රැස්වීම අද (21) අරලිය ගහ මන්දිරයේ පැවැත්විණ.
බස්නාහිර පළාත නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන් ඇතුලු විශාල පිරිසක් ඊට සහභාගී වී සිටි ආකාරයක් දැකගත හැකි විය.
කෙසේවෙතත් එම රැස්වීමට විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන කැබිනට් අමාත්‍යවරුන් දෙපොළ පමණක් සහභාගී නොවී සිටීම කාගෙත් කතාබහට ලක්වූ කාරණයක් විය.










