සම්මුඛ සාකච්ජාවක් ලබා ගැනීම සදහා පොහොට්ටුවේ න්‍යායාචාර්ය බැසිල් රාජපක්ෂ මහතා මුණගැසී ඇති ඉන්දියාවේ පළවන ප්‍රකට පුවත්පතක් වන ‘ද හින්දු’ පුවත්පතේ මාධ්‍යවේදිනී මීරා ශ්‍රිනිවාසන්, රාජපක්ෂ මහතාගේ නිල කාමරය දැක පුදුමයට පත්ව ඇති බවක් දැනගන්නට ඇත.
පසුගිය දිනෙක බැසිල් රාජපක්ෂ මහතාගේ නිල කාමරයේදී ඒ මහතා සමග සම්මුඛ සාකච්ජාවක් පවත්වමින් සිටියදී හිටිහැටියේම ඉදිරිපස තිබී ඇති දැවැන්ත ‘ඩිජිටල් පුවරුවේ’ වු ලංකා සිතියමෙහි (digital Monitor) තැනින් තැන රතු එළි දැල්වීමට පටන් ගෙන තිබේ.
ඒ අනුව එම රතු එළි මොනවාදැයි හින්දු පුවත්පතේ මාධ්‍යවේදිනිය බැසිල් රාජපක්ෂ මහතාගෙන් විමසීමක් කර ඇත.
එහිදී බැසිල් රාජපක්ෂ මහතා සදහන් කර ඇත්තේ පොදුජන පෙරමුණේ සාමාජිකත්වය සම්පූර්ණයෙන්ම ‘ඩිජිටල්කරණය’ කර ඇති බවත්, සාමාජිකයන් සිටින ස්ථාන සියල්ල මෙම සිතියම මගින් අනාවරණය කරගත හැකි බවත්ය.
මේ වනවිටත් ගෙයින් ගෙට යන ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව එහිදී පෙන්වා දී ඇති බැසිල් රාජපක්ෂ මහතා මේ රතු එළි දැල්වෙන්නේ සිය සාමාජිකයන් යන ගෙවල්වල බව ද ඇයට පෙන්වා දී තිබේ.
මෙම තත්ත්වය පිළිබදව මීරා ශ්‍රීනිවසාන් සිය සම්මුඛ සාකච්ජාවේ සටහනක් තැබීමටද පියවර ගෙන ඇත.