හිටපු කොටි නායකයකු මෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික් දේශපාලන අංශ නායකයා වූ එලීලන්ගේ බිරිය වන ආනන්දි සෂිදරන්‌ගේ සහාය ජනාධිපතිවරණයේදී එම්.කේ. සිවාජිලිංගම්ට ලබා දීමට තීන්දු කර ඇත.
ජනාධිපතිවරණය කැදවීමත් සමග ආනන්දි සෂිධරන්ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීන්දු කර තිබුණත් දේශපාලන පක්ෂයක් සොයාගත නොහැකි වීම මත තරග කිරීමේ අවස්ථාව ඇගෙන් ගිලිහී ගොස් තිබේ.
ඒ අනුව සෂිධරන් අවසානයේදී සිය සහාය සිවාජිලිංගම්ට ලබා දීමට තීන්දු කර ඇත.
උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරියකද වන ඇයට උතුරු පළාතේ ජනතාවගේ සැලකිය යුතු සහායක්ද ඇති බව වාර්තා වේ.










