ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කළ පෙත්සමේ සම්පූර්ණ තීන්දුව හෙට (15) අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මෙම පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය පසුගිය ඔක්තෝබර් මස 4 වැනිදා නියෝග කළේය. එසේ ප්‍රතික්ෂේප කිරීමට බලපෑ හේතු පසුව ප්‍රකාශයට පත් කරන බවද එහිදී කියවිණ.
ඒ අනුව සම්පූර්ණ තීන්දුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් හෙට දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.










