මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නො වන ලෙස ක්‍රියා කිරීම මත ප්‍රධාන පෙළේ බැංකු දෙකකට සහ මුල්‍ය සමාගම් 03කට දඩ පැනවීමට මහබැංකුව කටයුතු කොට ඇත.
ලංකා බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ඇතුලු තවත් මූල්‍ය ආයතන 3කට මෙසේ දඩ නියම කර තිබේ.
2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (2) සහ 19 (1) වගන්තිය මගින් පැවරී ඇති බලතල අනුව, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නො වන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පැනවිය හැකි අතර මූල්‍ය ආයතන හෝ නම් කරන ලද මූල්‍ය නො වන ව්‍යාපාර විසින් සිදුකරන අදාළ අනුකූල නො වන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකි ය.
2019/2020 වසරවලදී මූල්‍ය බුද්ධි ඒකකය විසින් පනවන ලද දණ්ඩන පිළිබඳ විස්තර පහත පරිදි වේ;
| දිනය | ආයතනය | වටිනාකම (රුපියල්) |
| 2019 ජූලි 29 | ලංකා බැංකුව | 3,000,000.00 |
| 2019 සැප්තැම්බර් 03 | නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පී.එල්.සී | 1,000,000.00 |
| 2019 ඔක්තෝම්බර් 24 | කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆයිනෑන්ස් පී.එල්.සී | 1,000,000.00 |
| 2020 පෙබරවාරි 19 | සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ලිමිටඩ් | 500,000.00 |
| 2020 මැයි 18 | යූ බී ෆයිනෑන්ස් ලිමිටඩ් |










