බුවනෙක හෝටලය පිහිටි ගොඩනැගිල්ල බුවනෙක රජ සමයේ රජවරු නඩු අසන ලද තැනක් ලෙස ජනසම්මතයේ දැක්වෙන බව පුරා විද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ ඒ බව සෙල්ලිපිවල නැති වුවත් එය එතුමාගේ කාලයේ නඩු අසන ලද ස්ථානයක් බවයි.
ජනසම්මතය අත් හැරිය නොහැකි බවත්, එය අඛණ්ඩව පැවත එන දෙයක් බවත් උන්වහන්සේ පවසති.
අවුරුදු සියයකට වඩා පැරණි ගොඩනැගිලි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිලි ලෙස සැලකෙන හෙයින් මෙම ගොඩනැගිල්ල ඩෝසර් කිරීම අනුමත කළ නොහැකි බවත්, කුරුණෑගල රාජධානියට අයත් ඉපැරණි ගොඩනැගිලි පවතින්නේ අඩුවෙන් බවත් උන්වහන්සේ වැඩිදුරටත් පවසා තිබේ.










