කොරෝනා වයිරසය සම්පූර්ණයෙන්ම පාලනය කර නොමැති තත්වයක් යටතේ මත්පැන් සැල් විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සිය අප්‍රසාදය පළ කොට ඇත.
‘‘මේ මත්පැන්හල් ආශ්‍රිතව රෝගියෙක් මතුවුවහොත් අපිට නැවත මුලටම යන්න වෙනවා. එහිදී ඔහුගේ ස්පර්ශකයන් සෙවීම විශාල පිරිසක් අතර සිදුවන විට ඒ අය විවිධ ස්ථානවලට විසිරී ගියහම ඉතාම අමාරු වෙනවා. ඒ එකතු වෙන සෙනඟ අතර විෂබීජය තිබිලා කිහිප දෙනකුට ඇවිත් ඒ අය තමන්ගේ නිවාසවල ආශ්‍රය කරන අය වෙත ගියහම අවසාන වශයෙන් පොකුරු විදිහට මතුවුණහම තමයි අපිට හමුවන්නේ.
මීට ඉස්සෙල්ලා අපි මේ සියලු කටයුතු කළේ සමාජ දුරස්ථ භාවය, ඇඳිරි නීති තත්ත්වය යටතේ. එම තත්ත්වයන් යටතේ එක්රැස් වන පිරිස් කොහොමත් අඩුයි. නමුත් මේ විදිහට ගියොත් ඒ තත්ත්වය අපෙන් ගිලිහී යන්න පුළුවන්’’ යනුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා තිබේ.










