බ්‍රැන්ඩික්ස් සමාගමේ පළමුව කොරෝනා වැළදුණු බවට චෝදනා ලැබූ කාන්තාවට ප්‍රථම එහි සේවය කළ වෙනත් සේවකයන් 33 දෙනකුට කොරෝනා රෝග ලක්ෂණ පහළ කොට තිබී ඇති බව මේ වනවිට අනාවරණය වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ පළමු කත සැප්තැම්බර් 21 වන දින අනාවරණය වුවද සැප්තැම්බර් 15 වන දින සිටම එහි සේවකයන්ට උණ සහ කැස්ස වැනි රෝග ලක්ෂණ තිබී ඇති බවකි.
මේ වනවිට අදාළ ආශ්‍රිතයන් 10,500ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇති බවත්, තවත් නිරෝධායන පහසුකම් ඇත්තේ 2000කට පමණක් බවත් යුද හමුදාපතිවරයා කීය.










